Monday, May 12, 2014

හැට පැන්න වතු ලොක්කා අට වියැති දැරියට හදි කර

වයස අවුරුදු 08 ක් වන බාල වයස්කාර දැරිවියකට බරපතල ලෙස ලිංගික ආපරාධයක් සිදු කළ බව කියන වතු පාලකවරයෙකු (62) අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය කියයි. ඉකුත් 09 වැනිදා හලාවත - විජයකටුපත ප්‍රදේශයේදී මෙම අපරාධය සිදුවී ඇත. සිද්ධියට මුහුණ දී ඇති දැරිවිය පාසල් සිසුවියකි. ඇය තම මව, පියාසහ සහෝදරයා සමග වත්තක කම්කරු නිවසක පදිංචිව සිට ඇත. සිද්ධිය වූ දිනයේ ඇය පාසල් ගොස් පැමිණ තම නිවස ආසන්නයේ සෙල්ලම් කරමින් සිටින විට එම ස්ථානයට පැමිණ ඇති සැකකරු ඇයව තමන්ගේ නිවසට ගෙන ගොස් මෙම අපරාධය සිදු කර ඇති බව මූලික විමර්ශණ වලදී හෙලිවී ඇති බව පොලීසිය කියයි. තමන්ට මෙම අපරාධය සිදු කළේ බාප්පා විසින් බව කිසියම් අයෙකු විමසුවහොත් පවසන ලෙස සැකකරු විසින් තමන්ට බලපෑම් කළ බවද දැරිවිය පොලීසිය හමුවේ පවසා ඇත.
පසුව මේ බව දැන ගත් දැරිවියගේ දෙමව්පියන් විසින් කරන ලද පැමිණිල්ලකට අනුව සැකකරුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. දැරිවිය වෛද්‍ය ප්‍රතිකාර සදහා හලාවත මහා රෝහලට ඇතුළත් කර ඇත. සැකකරු හලාවත දිසා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

No comments:

Post a Comment