Tuesday, May 6, 2014

ඇස් පෙනෙන අයගේ හද දිනූ බේරල් අත් ඔරලෝසුව

තත්පර කටු, පැය කටු, මිනිත්තු කටු යනාදී මේ කිසිවකින්ම තොරවූ මෙම අසාමාන්‍ය   ඔරලෝසුවේ වේලාව දැක්වෙනුයේ එහි මුහුණත වටා හා මැද වක්‍රාකාරව දිව යන කාණු දෙකක් ඔස්සේ ක්‍රමානුකූලව  ගමන් කරන කුඩා බෝල දෙකකිනි. වේලාව කියවීමට නොව ස්පර්ශ කර බලා දැන ගැනීමට හැකි දෙයක් බවට පත් කිරීම මෙම බෝල බෙයාරිම් අත් ඔරලෝසුව නිර්මාණය කිරීමේ අරමුණ වී තිබේ. දෑස්  නොපෙනෙන පුද්ගලයන් ඉලක්ක කර ගනිමින්  නිර්මාණය වුවද “බ්‍රැඩ්ලි අත් ඔරලෝසුව සාමාන්‍ය ජනතාව අතරද මෙතරම්  ජනප්‍රිය වීමට හේතු වී  ඇත්තේ එහි වන ආකර්ෂණීය පෙනුම හා නිමාවම පමණක්  නොව, ස්පර්ශයෙන් වේලාව දැන ගැනීම වැදගත් වන අවස්ථා බොහෝමයක් එදිනෙදා   ජීවිතයේදී හමුවන නිසාය.  නිදසුන් ලෙස සම්මුඛ පරීක්ෂණයක්, දේශනයක්, අතරවාරයේදී අත්ඔරලෝසුව දෙසට නෙත් යැවීම තමන්  මෙන්ම අන්‍යයන්ද අපහසුතාවට පත්කරන කරුණක් වන බැවිනි. ඇෆ්ගනිස්ථාන යුද සමයේදී සිය පෙනීම අහිමි වූ පැරාලිම්පික් පිහිනුම් ශූර ලුතිනන් බ්‍රැඩ්ලි ස්නයිඩර්ට උපහාර පිණිස ඔහුගේ නමින් නම් කරනු ලැබූ  මෙම ඔරලෝසුව නිර්මාණයට පදනම සපයන ලද්දේද දෙනෙත් අඳවීමෙන් පසුව වේලාව කියවා ගැනීමේදී ඔහු විඳි දුෂ්කරතාවයි.
මේ වන විට වෙළෙඳ‍පොළේ අන්ධ පුද්ගලයන් උදෙසා නිර්මාණය කෙරුනු වේලාව හඬ නගා පවසන ඔරලෝසු,  බේ්‍රල් මුහුණතින් සමන්විත ඔරලෝසු කම්පන තරංග නිකුත් කරන ඔරලෝසු ආදිය තිබුණද මෙම බෝල බෙයාරිම් ඔරලෝසුව  අන්ධ පුද්ගලයන්  අතර මෙන්ම සාමාන්‍ය ජනතාව අතරද මෙතරම් ජනප්‍රියව ඇත්තේ එය  කාටත් ‍පොදුවේ භාවිතා කළ හැකිවූද ආකර්ෂණීය පෙනුමකින් යුතුවක්ද වන නිසයි.
එකක් ඩොලර් දෙසීය හැත්තෑපහක් වැනි මිල නියමයක් යටතේ අලෙවි කෙරෙන මෙම අත් ඔරලෝසුව ලන්ඩනයේ  නිර්මාණ කෞතුකාගාරයේ වාර්ෂිකව පැවැත්වෙන වසරේ හොඳම  නිර්මාණය තේරීමේ තරගය සඳහා මෙවර  යෝජනා කෙරී ඇති නිර්මාණ හැත්තෑහය අතුරටද එක්ව තිබේ.

No comments:

Post a Comment