දුම්රිය රියදුරන් ආරම්භ කර ඇති වර්ජනය හේතුවෙන් අදත් දුම්රිය රැසක ප්රමාදයන් හටගෙන තිබේ.
ඇතැම් දුම්රිය කොළඹ කොටුවෙන් සහ මරදානෙන් ප්රමාද වි ධාවනය කෙරුණු බව දුම්රිය ප්රදාන පාලක මැදිරිය සඳහන් කළේය.
සංඥා පද්ධතිය ඇතුළු දුම්රිය මාර්ග වල සහ දුම්රිය වල පවතින ගැටළු නිරාකරණය
කර දෙන ලෙස ඉල්ලමින් ලොකෝමටිව් ඉංජිනේරු සංගමය පසුගිය බදාදා සිට අකුරට වැඩ
කිරිමේ වෘත්තිය ක්රියාමාර්ගයක් ආරම්භ කළේය.
මේ හේතුවෙන් පසුගිය බදාදා සිටම දුම්රිය රැසක් ප්රමාද වී ධාවනය වූ බව දුම්රිය ප්රධාන පාලක මැදිරිය පැවසුවේය.
කෙසේ වෙතත් මේ පිළිබඳ තොරතුරු දැන ගැනීම සඳහා අද දෙරණ ප්රවාහන බලධාරින් සම්බන්ධ කරගැනීමට උත්සහ කළත් එම උත්සාහයන් අසාර්ථක විය.
මේ අතර ඇණ හිට තිබු උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවන කටයුතු යථා තත්ත්වයට පත් කර තිබේ.
හැටන් සිට කොළඹ බලා ධාවනය වූ විශේෂ දුම්රියක් අද(10) අළුයම 01.00 ට පමණ
හැටන් සහ වටවල දුම්රිය ස්ථාන අතර දී පීලි පැනීමකට ලක්වුණි.
No comments:
Post a Comment