Friday, May 2, 2014

මිනිසුන් මිය යන්නේ ඉවසීම නැති නිසාමද..............

හලාවත පුත්තලම මාර්ගයේ දි කැබ් රථ දෙකක් මුහුණට මුහුණ ගැටිමෙන් සිදුවු අනතුරකින් එක් අයෙකු මියගොස් තවත් පස් දෙනෙකු තුවාල ලබා තිබේ. ඊයේ පස්වරුවේ සිදුවු අනතුරෙන් මියගිය පුද්ගලයා මාරවිල, මුහුදු කටුව ප්‍රදේශයේ පදිංචිව සිටි අයෙකි.

මේ අතර අහුංගල්ල ප්‍රදේශයේ දී ත්‍රිරෝද රථයක් මාර්ගයෙන් ඉවතට පැන සිදුවු අනතුරකින් කාන්තාවක් මියගොස් තවත් සිව්දෙනෙකු තුවාල ලබා ඇති බව පොලිසිය පැවසීය.

තවද උප්පුවේලි, ත්‍රිකුණාමලය නිලාවේලි මාර්ගයේ සාම්පල්තිව් ප්‍රදේශයේ වෛරමුත්තු කෝවිල ආසන්නයේ සිදුවු රිය අනතුරකින් ද පුද්ගලයෙකු මියගොස් තිබේ.
ත්‍රිකුණාමලය දෙස සිට නිලාවේලි බලා ධාවනය වු කැබ් රථයක් එම දිශාවටම ගමන් ගත් පාපැදියක ගැටීමෙන් අනතුර සිදුව ඇති බව වාර්තා වේ.
අනතුරෙන් බරපතළ තුවාල ලැබු පා පැදිකරු ත්‍රිකුණාමලය රෝහලට ඇතුළත් කිරිමේ දි මියගොස් ඇති බව පොලිසිය සඳහන් කළේය.
මියගොස් ඇත්තේ සාම්පල්තිව්, සල්ලි ප්‍රදේශයේ පදිංචිව සිටි 55 හැවිරිදි පුද්ගලයෙකි.


No comments:

Post a Comment