Friday, May 2, 2014

ශ්‍රී ලංකා මුස්ලිම් කවුන්සිලයෙන් ජනපතිට ලිපියක්............


මුස්ලිම් ජනතාව නැවත පදිංචි කරවීමේ ක්‍රියාවලිය සඳහා ඉක්මනින් මැදිහත් වන ලෙස මුස්ලිම් පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් පිරිසක් ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ.

ඒ.එච්.එම් ෆවුසි, රවුෆ් හකීම්, ඒ.එල්.එම් අතාවුල්ලා, රිෂාද් බදියුදීන් , බෂීර් සේගුඩාවුඩ්, ඒ.එච්.එම් අස්වර් සහ ෆයිසර් මුස්තාෆා ඇතුළු මන්ත්‍රිවරුන් පිරිසක් ලිපියක් මගින් මෙම ඉල්ලීම සිදුකර ඇති බව ශ්‍රී ලංකා මුස්ලිම් කවුන්සිලය පවසයි.

අවතැන් මුස්ලිම් ජනතාව නැවත පදිංචි කරවීමේ ක්‍රියාවලිය සඳහා විධිමත් මැදිහත්විමක් නොමැති හෙයින් මුස්ලිම් රටවල රාජ්‍යයන්ගෙන් සහ පුද්ගලයින්ගෙන් ආධාර ලබාගෙන එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරිමට කටයුතු කර ඇති බව අදාළ ලිපිය මගින් පෙන්වා දී ඇත.‍

එම ක්‍රියාවලිය සඳහා ද ඇතැම් කණ්ඩායම් සිදුකරන බාධා කිරිම් සම්බන්ධයෙන් මැදිහත්වන ලෙස මුස්ලිම් පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා සිටින බව ශ්‍රි ලංකා මුස්ලිම් කවුන්සිලය සඳහන් කරයි.

No comments:

Post a Comment