Tuesday, February 24, 2015

ශෂී වීරවංශ 25 දක්වා රෝහලේදීම රිමාන්ඩ්

පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාගේ බිරිඳ වන ශෂී වීරවංශ මහත්මිය ලබන 25 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ. 

මාලෙබ්  ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ සවස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් ඇය අත්අඩංගුවට ගන්නා ලදී. 

ඒ අවිධිමත් ලෙස විදේශ ගමන් බලපත්‍ර 2ක් සකස් කිරීමේ චෝදනා මතය. 

ඒ අනූව ඇය අත්අඩංගුවට ගැනුණු අතර අසනීප තත්ත්වය හේතුවෙන් පොලිස් ආරක්ෂාව මැද එකී පෞද්ගලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියාය.

කෙසේ වෙතත් ඇය සම්බන්ධයෙන් කඩුවෙල මහේස්ත්‍රාත් උසාවියට රහස් පොලීසිය විසින් කරුණු ඉදිරිපත් කිරීමෙන් පසු බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව යටතේම එම රෝහලේම තබන  ලෙසට කඩුවෙල මහේස්ත්‍රාත් ධම්මික හේමපාල මහතා නියෝග කර ඇත.

මේ අතර ශෂී වීරවංශ මහත්මිය ජාතික හැඳුනුම්පත් දෙකක් ලබාගැනීම සඳහා ඉදිරිපත් කළ ලියවිලි ඇතුළත් ලිපි ගොනු දෙක පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවෙන් අතුරුදන්වී ඇතැයි ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි.

No comments:

Post a Comment