Saturday, February 28, 2015

ගිනි අවියක් මතුවෙයි .....අම්පාරෙන්


අම්පාර, උහන හිමදුරාව ප්‍රදේශයේ නිවසක තිබී බෝර 12 ගිනි අවියක් පොලිස් බාරයට ගෙන තිබේ.


උහන පොලිසියට ලැබුණු තොරතුරකට අනුව අද පෙරවරුවේ සිදුකළ වැටලීමකදී සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව  පොලිසිය පැවසුවේය.


සැකකරුවන් 39හැවිරිදි සහ 42හැවිරිදි වියේ පසුවන හිමදුරාව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයින් වෙයි.


ඔවුන් අද අම්පාර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

No comments:

Post a Comment