Wednesday, February 18, 2015


හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ඉදිරි මැතිවරණයේදී අගමැති අපේක්ෂකයා ලෙස නම් කරන ලෙස ඉල්ලා දේශපාලන පක්ෂ 4ක් ඇතුළු සංවිධාන කිහිපයක් විසින් සංවිධානය කර ඇති රැ‍ළියක් හේතුවෙන් නුගේගොඩ නගරය ආශ්‍රිතව මේවන විට රථවාහන තදබදයක් හටගෙන තිබේ.

ජාතික නිදහස් පෙරමුණ, මහජන ‍එක්සත් පෙරමුණ, පිවිතුරු හෙළ උරුමය හා  ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ විසින් මෙම රැළිය සංවිධාන කර තිබේ.

මෙම රැළියට සංඝරත්නය, දේශපාලන පක්ෂ නියෝජිතයින්, ජනතාව ඇතුළු පිරිසක් සහභාගි වී සිටිති.

රැළියට සහභාගි වී සිටින ජනතාව නිසා නුගේගොඩ ප්‍රධාන සාප්පු සංකීර්ණය ඉදිරිපිට මාර්ග‍ය සම්පූර්ණයෙන් වැසීගොස් තිබේ.


No comments:

Post a Comment