Wednesday, February 18, 2015

මහින්ද රටට අවශ්‍ය බව හඬ හැමතැනින්ම ඇහෙනවා



මහින්ද රටට අවශ්‍ය බව හඬ හැමතැනින්ම ඇහෙනවා

ලංකාවේ උතුරු ප්‍රදේශයයි නැගෙනහිර ප්‍රදේශයයි ඉවත් කළ විට පසුගිය ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතා ඉහළින්   ජයග්‍රහණය කර ඇති බව මහජන එක්සත් පෙරමුණේ නායක  දිනේෂ ගුණවර්ධන මහතා පවසයි.


මේ රටේ කුමන ප්‍ර දේශයක කතා කළත් මහින්ද රාජපක්ෂ මහතා රටට අවශ්‍ය බව කියන  හඬ ඇසෙන බවත්,  මේ වන විට ලංකාවේ ජනප්‍රියම ජනාධිපතිවරයා මහින්ද රාජපක්ෂ මහතා බවත් හෙතෙම සඳහන් කරයි.


මෙම රැළිය  කරදරයක් කරන්න කළ දෙයක් නොවන බවත්, රට කරදරයෙන් බේරා ගැනීමට  කළ බවත් ඒ මහතා පවසයි.


නොනැවති ඉදිරියට ගොස් මෙරටේ බලය මහින්ද රාජපක්ෂ මහතාට පැවරිය යුතු බවද නුගේගොඩ පැවැත්වෙන රැළියට සහභාගී වෙමින් ඒ මහතා වැඩිදුරටත් සඳහන් ක‍ළේය.

No comments:

Post a Comment