මහින්ද නුගේගොඩ රැලියට බලාපොරොත්තුවක් එවයි

රට ගැන හිතන රට වෙනුවෙන් කැපවන ඔබගේ ඒ අපේක්ෂාවන් නොසලකා
සිටීමේ හැකියාවක් කිසිසේත් මට නොමැති බව මම අවධාරණය කරමි” යැයි
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ සුබපැතුම් පණිවිඩය දේශපාලන විචාරක දයාන් ජයතිලක මහතා නුගේගොඩ රැළියේදී කියා සිටියේය.
“නුගේගොඩට එක්ව සිටින ජනතා පවුරේ දෑත් බොහෝම තදින් වැළඳගන්නවා” යැයිද හිටපු ජනාධිපතිවරයාගේ සුබපැතුමේ සඳහන් බව ඒ මහතා පැවසුවේය.
හිටපු ජනාධිපතිවරයා විසින් එවන ලද එම සුබපැතුම් පණිවිඩයේ සඳහන් කරුණු දයාන් ජයතිලක මහතා රැස්ව සිටි ජනතාව හමුවේ මෙසේද කියා සිටියේය.
"අප භුක්ති විඳින්නේ පරාජයක් නොව කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක්.
පරාජය පරාජයක් ලෙස පිළිගන්නට මම කිසිසේත් නොපසුබට වෙමි.
අවමානය ද මට නුහුරු දෙයක් නොවේ.
හිරගෙය පවා මට නුහුරු දෙයක් නොවේ.
මගේ ජනතාව වෙනුවෙන් මා මේ සියල්ලම විඳ පුරුදු ඇති බව
සියලුදෙනා දන්නා කරුණක්.
බොහෝ දෙනා පරාජයට හුරුවුවන් වුවත් ගෞරවනීය ජයග්‍රහණයක
හිමිකරුවන් විය හැක්කේ අවංක නායකයෙකු පමණක් බව මගේ විශ්වාසයි.
මම එම අභිමානවත් ජයග්‍රහණ භුක්ති විඳීමටද ඉඩ ලැබූ අයෙක්.
කොටි ත්‍රස්තවාදය පරාජය කර රට මරණ මයෙන් මුදවා ගත්තා.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ සන්ධානයෙන් ලොව මවිත කළ ජයග්‍රහණ
ලබාදීමට හැකි වූ බව සිහිපත් කරමි.
එසේම යළි එවන් ජයග්‍රහණ රටටත්, ජනතාවටත්, ලබාදිය හැක්කේ ද
ඒ සඳහා යහපත් අරමුණ සහිතව එකතුවන සන්ධානයකට පමණයි.
එවන් ජයග්‍රාහි අරමුණ පෙරදැරිව නුගේගොඩට එක්ව සිටින ජනතා
පවුරේ දෑත් බොහෝම තදින් වැළඳගන්නවා.
රට ගැන හිතන රට වෙනුවෙන් කැපවන ඔබගේ ඒ අපේක්ෂාවන් නොසලකා
සිටීමේ හැකියාවක් කිසිසේත් මට නොමැති බව මම අවධාරණය කරමි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ අනෙක් සියල්ල දිගු කරන නායකත්වයේ දෑත් සුපුරුදු ලෙංගතුකමින් වැළඳගන්නා බව ප්‍රකාශ කරමි.
පරාජය
නොවූ අපට බලය අහිමි වුවද සියලුදෙනාගේ යාත්‍රාව එක්සත් ජනතා නිදහස්
සන්ධානය" යැයි ද හිටපු ජනපතිගේ සුබපැතුම් පණිවිඩයේ සඳහන් බව දයාන් ජයතිලක
මහතා පැවසීය.
මහින්ද රාජපක්ෂ මහතා අගමැති අපේක්ෂකයා ලෙස නම්කරන්නැයි
කියමින් නුගේගොඩ දැන් පැවැත්වෙන රැළිය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන
ටී.බී ඒකානයක,සීබී රත්නායක,ජයන්ත කැටගොඩ,ගීතාංජන ගුණවර්ධන,
සාලින්ද
දිසානායක හා බස්නාහිර මහැඅමති ප්‍රසන්න රණතුංග ඇතුළු පළාත් සභා,
ප්‍රාදේශීය සභා මන්ත්‍රීන් රැසක් මේවන විට සහභාගි වී සිටිති.
පහත දැක්වෙන්නේ එම රැළියට මේවන විට සහභාගි වී සිටින දේශපාලන නියෝජිතයින් පිරිසගෙන් කොටසකි.
මෙම රැළිය සඳහා මහ සංඝරත්නය,
ජානිපෙ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ,
මහජන එක්සත් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන,
ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර,
පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල,
පාර්ලිමේන්තු මන්ත්‍රී ටී.බී ඒකානයක,
පාර්ලිමේන්තු මන්ත්‍රී සීබී රත්නායක,
පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ,
පාර්ලිමේන්තු මන්ත්‍රී ගීතාංජන ගුණවර්ධන,
පාර්ලිමේන්තු මන්ත්‍රී සාලින්ද දිසානායක,
පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම,
පාර්ලිමේන්තු මන්ත්‍රී දිළුම් අමුණුගම,
පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාර,
පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද යාපා,
බස්නාහිර ප්‍රධාන ඇමති ප්‍රසන්න රණතුංග,
දකුණු පළාත් සභා මන්ත්‍රී ඩී.වී උපුල්.
බස්නාහිර පළාත් සභා මන්ත්‍රී නිමල් ලන්සා
දේශපාලන විචාරක දයාන් ජයතිලක,
ශ්‍රී
ලංකා නිදහස් පක්ෂයේ හිටපු ඇමතිවරුන්,පළාත් සභා මන්ත්‍රීන්,ප්‍රාදේශීය සභා
මන්ත්‍රීන්, නගර සභා මන්ත්‍රීන් සිවිල් සංවිධාන නියෝජිතයින්, කලාකරුවන්
ඇතුළු පිරිසක් එක්ව සිටිති.
No comments:
Post a Comment