Saturday, February 28, 2015

යෝෂිත මහින්දගේ ආරක්ෂක බලකායට


සිය පියාගේ ආරක්ෂක අංශයේ සාමාජිකයකු ලෙස පත් කරන මෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත්‍රයකු වන යෝෂිත රාජපක්ෂ කළ ඉල්ලීමට නාවික හමුදාව එකඟත්වය පළ කර තිබේ.
ඒ අනුව යෝෂිත රාජපක්ෂ නාවික හමුදාවේ සේවය කරන අතරවාරයේ හිටපු ජනාධිපතිවරයාගේ ආරක්ෂක අංශයේ සාමාජිකයකු ලෙස ඉදිරියේදී ක්‍රියා කරනු ඇති බවයි, නාවික හමුදාවේ ප්‍රකාශකයකු කියා සිටියේ.
හිටපු ජනාධිපතිවරයාගේ ආරක්ෂක අංශයේ සාමාජිකයකු ලෙස පත් කරන ලෙස යෝෂිත රාජපක්ෂ ජනාධිපතිවරයා සහ අගමැතිවරයා ගෙන් ඉල්ලීමක් කර ඇති බව පසුගියදා බීබීසී ය සමඟ පැවති සාකච්ඡාවකදී ආරක්ෂක රාජ්‍ය ආමාත්‍ය රුවන් විජයවර්ධන සඳහන් කළේය.
හිටපු ජනාධිපති ගේ පුත්‍රයකු වන යෝෂිත රාජපක්ෂට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ විසින් කරන ලද පැමිණිල්ල පිළිබඳව අදහස් දක්වමින් අමාත්‍ය විජේවර්ධන පැවසුවේ යෝෂිත රාජපක්ෂ නාවික හමුදාවට බැඳුනේ කෙසේද යන්න පිළිබඳව පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි.

No comments:

Post a Comment