Saturday, February 28, 2015

ශ්‍රී ලංකාව එංගලන්තය හා සටනට සුදානම්


2015 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර තරඟය නවසීලන්තයේ වෙලින්ටන් ක්‍රීඩා පිටියේ දී ශ්‍රී ලංකාවේ වේලාවෙන් ඉරිදා අලුයම් කාලයේ දී ආරම්භ වීමට නියමිතව තිබේ.
මෙම තරඟාවලියේ දී ශ්‍රී ලංකාව මෙතෙක් සහභාගී වූ අවසන් තරඟය වූ බංග්ලාදේශය සමග තරඟයේ දී විශිෂ්ඨ දස්කම් පෑමට ශ්‍රී ලංකා කණ්ඩායම ට හැකිවූ බැවින් එංගලන්තය පරදවා ජය ගැනීමට හැකි ස්ථාවරයක ශ්‍රී ලංකා කණ්ඩායම සිටින බවයි පැවසෙන්නේ.
ශ්‍රී ලංකා පිළේ ආරම්භක පිතිකරුවන් අතරට එක්වන තිලකරත්න දිල්ෂාන් නොදැවී ලකුණු 161 ක් රැස්කළ එම තරඟයේ දී කුමාර් සංගක්කාර විසින් තම 22 වෙනි ශතකය ද වාර්තා කරනු ලැබිණ.
ඕවර පනහක් තුළ දී එක් විකට්ටුවක් පමණක් දැවී ගිය කණ්ඩායම් අතරට ශ්‍රී ලංකාව එක් කළ එම තරඟයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 332 ක් ලබාගත් අතර බංග්ලාදේශයට ඕවර 47 ක දී ලබා ගත හැකි වුයේ ලකුණු 240 ක් පමණි.
මෑත කාලයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම එක්දින තරඟ වල දී තම බලය පතුරවමින් සිටින අතර ටෙස්ට් ක්‍රිකට් තරඟ වල දී ද කැපී පෙනෙන දස්කම් දක්වා තිබේ.
එසේවුවද එංගලන්ත කණ්ඩායම පවසන්නේ වෙලින්ටන් තරඟයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම පහසුවෙන් පරාජය කළ හැකි බවයි.

No comments:

Post a Comment