Latest Sri Lankan News, Sports News,circuit project,new tech ,pneumatic,power electrical, control ,electronic,photos,පින්තුර,උනුසුම් පුවත්,නව තාක්ෂණික.
Tuesday, March 3, 2015
පෞද්ගලික බස් වර්ජනය
අන්තර් පළාත් පෞද්ගලික බස් රථ සේවකයන් වර්ජනයක් ආරම්භ කර තිබේ.
ඉල්ලිම් 11ක් මුල් කර ගනිමින් අද(02) අළුයම ආරම්භ කළ වර්ජනය අද මධ්‍යම රාත්‍රිය දක්වා ක්‍රියාත්මක කරන බව දේශමාමක බස් රියදුරු හා කොන්දොස්තරවරුන්ගේ ජාතික සංවිධානයේ සභාපති පුජ්‍ය ඌවතැන්නේ සුමනහිමි සඳහන් කළේය.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී අභ්‍යන්තර ප්‍රවාහන අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර මහතා සදහන් කළේ අදාළ වර්ජනය පිළිබඳ තමා දැනුවත් වී නොමැති බවයි.
කිසිදු සාකච්ඡාවකින් තොරව මෙවැනි වර්ජන ක්‍රියාමාර්ග වලට යොමු වීම අසාධාරණ බව අමාත්‍යවරයා සඳහන් කර සිටියේය.
මෙම බස් වර්ජනය හේතුවෙන් දුර ගමන්සේවා බස් රථ භාවිත කරන මගීන් අද උදෑසන සිට දැඩි දුෂ්කරතාවට පත්ව සිටින බව පවසයි.
Labels:
Local
Subscribe to:
Post Comments (Atom)

No comments:
Post a Comment