Latest Sri Lankan News, Sports News,circuit project,new tech ,pneumatic,power electrical, control ,electronic,photos,පින්තුර,උනුසුම් පුවත්,නව තාක්ෂණික.
Thursday, March 5, 2015
මීටියාගොඩ ඕ.අයි.සී ගෙ වැඩ තහනමක්
මීටියාගොඩ පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක චන්දන ගමගේ මහතාගේ ද වැඩ තහනම් කර තිබේ.
වැඩ බලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ පැමිණිල්ලකට අදාළව නිසි විමර්ශනයක් සිදු නොකිරීම හේතුවෙන් පොලිස්පතිවරයා විසින් මෙම පියවර ගෙන ඇති බවයි.
පසුගිය මාර්තු මස පළමුවන දින මීටියාගොඩ ප්‍රදේශයේදී ව්‍යාපාරික යුවළක් වෙඩි තබා ඝාතනය කෙරුණි.
එම ව්‍යාපාරික යුවළ විසින් ඔවුන්ට තර්ජන පවතින බවට ඊට පෙර පැමිණිල්ලක් සිදුකර තිබු අතර මීටියාගොඩ පොලිසිය ඒ සම්බන්ධයෙන් නිසි විමර්ශනයක් සිදුකර නොමැති බව වැඩ බලන පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.
මේ අතර සිද්ධියට අදාළව මීටියාගොඩ පොලිස්ථානයේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා සහ පොලිස් කොස්තාපල්වරයකුගේ ද වැඩ තහනම් කිරීමට ඊයේ පියවර ගැනිණ.
Labels:
Local
Subscribe to:
Post Comments (Atom)

No comments:
Post a Comment