Monday, March 2, 2015

දැන් මට ජෝතිෂ්‍ය ගැන විශ්වාසයක් නෑ -ජනාධිපති මහින්ද රාජපක්ෂ


තමාට මේ වන විට  ජෝතිෂ්‍ය සම්බන්ධයෙන් විශ්වාසයක් නොමැති  බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

පකිස්ථාන  මාධ්‍යයවේදිනියක විසින් පසුගිය දිනක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට  යොමු කරන ලද  ප්‍රශන් කිහිපයකට  පිළිතුරු දෙමින් ඒ මහතා‍ මේ බව සඳහන් කර ඇති බව විදේශ වාර්තා පෙන්වා දෙයි.


එසේම එක්සත් ජනපදය, යුරෝපය, බටහිර  මෙරටේ සැබෑ මිත්‍රයන් නොවන බවත්,  පකිස්ථානයේ  විශේෂයෙන් මුෂාරෆ් මෙරටට විශාල වශයෙන් උපකාර කළ ඇති බවත්, හෙතෙම එම අවස්ථාවේදී ප්‍රකාශ කර තිබේ.


තවද  පකිස්ථානයේ සහ ශ්‍රී ලංකාව අතර තවදුරටත් සමීප සබඳතාවයක් පැවැත්විය හැකි ආකාරය පිළිබඳවද එහිදී   හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වැඩිදුරටත් පවසා තිබේ. 

No comments:

Post a Comment