ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති පදවියෙන් පසුගියදා
ඉවත් කෙරුණ එන්.ශ්‍රී නිවාසන් එම පදවියෙහි ඔහු යළි පිහිටුවන මෙන් ඉල්ලා
සිටිමින් ඉදිරිපත් කර තිබුණ ඉල්ලීමක් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් බැහැර කරනු
ලැබුණි.
පදවියෙන් ඉවත් කරනු ලැබ සිටින හිටපු සභාපතිවරයාගේ
ඉල්ලීම ප්‍රතික්ෂේප කළ ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය, විනිසුරු මුඩ්ගල් කමිටුව
විසින් ඉදිරිපත් කර තිබුණ සීල් තැබූ ලියුම් කවරයක අන්තර්ගත තොරතුරු
හෙළිදරව් කරමින්, ක්‍රිකට් ක්‍රීඩා තරඟ මුදලට පාවා දුන් පුද්ගල ලැයිස්තුවේ
ශ්‍රී නිවාසන්ගේ නමත් ඇතුළත් වෙන බව අනාවරණය කොට ඇතඑන්. ශ්‍රී නිවාසන් චුදිත ලැයිස්තුවේ දහතුන් වැනි ස්ථානයේ සිටින බවයි අනාවරණය කෙරුණේ.
එම රහස්‍ය තොරතුරු පළමු වරට ප්‍රකාශයට පත් කරමින් ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ඒ.කේ.පට්නෙක් කියා සිටියේ, ශ්‍රී නිවාසන්ට එරෙහිව චෝදනා දොළහක් ඇති බවයි.
රහස්‍ය ලියුමේ තොරතුරු
නීතිවේදියා කියා සිටියේ, අධිකරණය මතුපිටින් පෙනෙන දේ මිස වැඩිදුරටත් අවධානය යොමු කළ යුතුව තිබුණ ද්විතීයික සාක්ෂි සම්බන්ධයෙන් සැලකිල්ලක් නො දක්වා ඇති බවයි.
No comments:
Post a Comment