Friday, April 25, 2014

එල්.ටි.ටි.ඊ. සැකකරුවෙක් යාපනයේ දී අත්අඩංගුවට

එල්.ටි.ටි.ඊ. සංවිධානයට සම්බන්ධ බවට සැකපිට පුද්ගලයෙකු යාපනය ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

යාපනය ආරක්ෂක අංශ වෙත ලැබුණු තොරතුරක් මත මොහු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි.

මොහු ගෝපි, තේවියන් සහ අප්පන් නමැති හිටපු එල්.ටි.ටි.ඊ. සාමාජිකයින් සමඟ සම්බන්ධතා පැවැත් වු බවට අනාවරණය වී තිබේ.

සැකකරු සම්බන්ධයෙන් ආරක්ෂක අංශ වැඩිදුර විමර්ශන සිදුකරයි.

No comments:

Post a Comment