ගුවන් යානය ඔස්ට්‍රේලියාවේ බ්‍රිස්බේන් සිට ඉන්දුනීසියාවේ බාර්ලි ගුවන්තොටුපල බලා ගමන් කරමින් සිටියදී අදාළ මගියා ගුවන් යානය පැහැර ගැනීමට උත්සාහ දරා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
බෝයිං 737 වර්ගයට අයත් ගුවන් යානයේ පාලනය සියතට ගැනීමට සැකකරු ගුවන් යානයේ නියමු කුටියට ඇතුළු වීමට උත්සාහ දරා ඇති බව සඳහන් වෙයි.
එහිදි ගුවන් යානයේ නියමුවා විසින් මේ පිළිබඳ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.
මේ සම්බන්ධයෙන් ඉන්දුනීසියානු ගුවන් හමුදා නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව බාලී ගුවන්තොටුපලට ගොඩබස්වන ලද ගුවන් යානයේ සිටි සැකකාර මගියා අත්අඩංගුවට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
කෙසේ වෙතත් ගුවන් යානය පැහැරගැනීමට උත්සාහ කර ඇති බවට පළ වන වාර්තා ඔස්ට්‍රේලියානු වර්ජින් ගුවන් සේවය ප්‍රතික්ෂේප කරයි.
බීමතින් සිටි මගියෙකු නියමු කුටිය වෙත ඇතුළු වීමට උත්සාහ කිරීම හේතුවෙන් මෙම කලබලකාරී තත්ත්වය හටගෙන ඇති බව ඔවුන් පවසයි.
No comments:
Post a Comment