එරට විදේශ කටයුතු අමාත්‍යාංශ ලේකම් මෝටන් හොග්ලන්ඩ් මහතා පවසන්නේ මේ සම්බන්ධයෙන් ඉදිරියේ දී ශ්‍රී ලංකා බලධාරීන් සමඟ සාකච්ඡා කරන බවයි.
ඒ අනුව නෝර්වේජියානු විදේශ කටයුතු අමාත්‍යාංශය නෝර්වේහි ශ්‍රී ලංකා තානාපතිවරයා සමඟ මේ පිළිබඳ සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව එරට මාධ්‍යයක් වෙත අදහස් දක්වමින් මෝටන් හොග්ලන්ඩ් මහතා ප්‍රකාශ කර තිබේ.
එල්.ටි.ටි.ඊ. සංවිධානයේ ජාත්‍යන්තර මූල්‍ය අංශයේ ප්‍රධානියා වශයෙන් කටයුතු කළ නෙදියවන්, දෙමළ ඩයස්පෝරාවට මුදල් එක්රැස් කිරීමේ චෝදනා මත 2011 වසරේ ඔස්ලෝ නුවර දී අත්අඩංගුවට ගෙන තිබුණි.
පසුව ඔහු කොන්දේසී සහිතව ඇප මත නිදහස් කර ඇති අතර ඉන් අනතුරුව නෙදියවන් එරට පොලීසිය වෙත ඉදිරිපත් වී නොමැති බව වාර්තා වෙයි.
ශ්‍රී ලංකාව තුළ එල්.ටි.ටි.ඊ. සංවිධානය ප්‍රතිසංවිධානය කිරීමට උත්සාහ දරන බවට පෙරින්පනායගම් සිවපාරන් හෙවත් නෙදියවන් හට චෝදනා එල්ල වී තිබේ.
No comments:
Post a Comment