නීති විරෝධි ලෙස වල්ලපට්ටා ශාක කොටස් රැගෙන යමින් සිටි පුද්ගලයෙකු මස්කෙළිය, බ්‍රවුන්ස්වත්ත ප්‍රදේශයේ දි අත්අඩංගුවට ගෙන තිබේ.
මස්කෙළිය පොලිසියට ලැබුණු තොරතුරකට අනුව සිදුකළ වැටලීමකදී මොහු අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන් වෙයි.
සැකකරු සතුව තිබි වල්ලපට්ටා ශාක කොටස් කිලෝග්‍රෑම් 13ක් පමණ සොයාගත් බව පොලිසිය සඳහන් කළේය.
සැකකරු 34 හැවිරිදි මස්කෙළිය, බ්‍රවුන්ස්වත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන
අතර ඔහු අද(25) හැටන් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.

No comments:
Post a Comment