Thursday, April 17, 2014

ශ්‍රී පාදස්ථානයට විශාල ජන ගඟක්

ශ්‍රී පාදස්ථානයට විශාල ජන ගඟක්
සිංහල හා දෙමළ අලුත් අවුරුදු චාරිත්‍ර අවසන්වීමත් සමඟ ශ්‍රී පාදස්ථානය වැඳපුදා ගැනීම සඳහා බැතිමතුන් විශාල සංඛ්‍යාවක් පැමිණෙමින් සිටින බව වාර්තා වෙයි.

ඊයේ(16)  දිනයට යෙදී තිබු හිසතෙල් ගෑමේ චාරිත්‍රය අවසන් වීමෙන් පසුව බැතිමතුන් මෙලෙස ශ්‍රී පාදස්ථානය වැඳපුදා ගැනීම සඳහා පැමිණෙමින් සිටින බව අද දෙරණ වාර්තාකරු සඳහන් කළේය.

ඊයේ(16) දිනයේ පමණක් ලක්ෂයකට ආසන්න බැතිමතුන් පිරිසක් හැටන් මාර්ගය ඔස්යේ මෙලෙස පැමිණ ඇති බව ඔහු පෙන්වා දෙයි.

දුම්රියෙන් පැමිණෙන බැතිමතුන් වෙනුවෙන් හැටන් දුම්රිය ස්ථානයේ සිට නල්ලතන්නිය දක්වා විශේෂ බස් සේවයක් ද ක්‍රියාත්මක කර තිබු බව අද දෙරණ වාර්තාකරු වැඩිදුරටත් සදහන් කරයි‍.

No comments:

Post a Comment