ඕනෑම ආගමකට එරෙහිව එල්ල සිදුකරන නින්දා අපහාස දැඩිලෙස හෙළාදකින බව ශ්රී ලංකා මුස්ලිම් කවුන්සිලය අවධාරණය කරයි.
නිවේදනයක් නිකුත් කරමින් එම සංගමය මේ බව පවසයි.
රාසික් නැමැති අයෙකු විසින් 2013 ජූනි මසදී යූටියුබ් (YOUTUBE) වෙබ්
අඩවියට බුදුන් වහන්සේ හා බුදුදහමට අපහාස වන ආකාරයෙන් මුදාහැර ඇති වීඩියෝ
පටයක හෙළාදකිමින් ඔවුන් මේ බව අවධාරණය කරයි.
මේ ආකාරයට ඉතා පහත් ලෙස ආගමික නිදහස අත්තනෝමතික ලෙස භාවිතාකරන පුද්ගලයින්ට
එරෙහිව කිසිදු පැකිළීමකින් තොරව ක්රියාකළ යුතු බව මුස්ලිම් කවුන්සිලය
පෙන්වාදෙයි.
සාමය හා ඉවසීම ගරු කරන ආගමක් ලෙස ඉස්ලාම් ආගම වෙනත් කිසිදු ආගමක්
හෙළාදැකීමට කටයුතු නොකරන බවත් ඒ ගැන ලාංකිකයින් සතුව අවබෝධයක් ඇති බවත් එය
වසර ගණනාවක් ඈතට දිවයන්නක් බවත් මුස්ලිම් කවුන්සිලය කියයි.
මේ අනූව ඕනෑම ආගමකට එරෙහිව කටයුතු කරන පුද්ගලයින් සම්බන්ධයෙන් පක්ෂපාතී
නොවී වහා නීතිමය පියවර ගන්නැයි බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බවද එම සංගමය
අවධාරණය කරයි.
No comments:
Post a Comment