ශ්‍රී ලංකාවේ රජය යුද්ධය දිනුවේ දෙමළ ජනතාව සමූල ඝාතනයකින් බව
ජාත්‍යන්තර පරීක්ෂණයක් මඟින් තහවුරු කර ගත යුතු යැයි උතුරු පළාත් සභාවේ
මන්ත්‍රී එම්.කේ සිවාජිලිංගම් මහතා පවසයි.උතුරු පළාත් සභාව අද (27) පස්වැනි වරට රැස්වු අවස්ථාවේදී ඔහු මෙම ප්‍රකාශය කර ඇති අතර එහිදී පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් මහතා පවසා ඇත්තේ සමූලඝාතනය යන වචනය මෙවැන්නකට භාවිතා නොකරන ලෙසයි.
එකී වචනය නීතිමය ගැටලු මතු කරන්නක් බව පෙන්වාදී ඇති විග්නේෂ්වරන් මහතා ඒ වෙනුවට සමානව යෙදිය හැකි වෙනත් වචනයක් භාවිතා කරන ලෙස පවසා තිබේ.
සිදුවුයේ කුමක්දැයි ජාත්‍යන්තර පරීක්ෂණයක් මඟින් තහවුරු කර ගන්නා තුරු එවැනි වචනයක් භාවිතා කිරීම සුදුසු නැති බව විග්නේෂ්වරන් මහතා පෙන්වාදී ඇත.
මේ අතර මන්නාරම, තිරුකේතිෂ්වරම් සමූහ මිනී වළ ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අනුදැනුම ඇතිව පරීක්ෂණයක් පැවැත්විය යුතු බවට ද පළාත් සභා මන්ත්‍රී ආනන්දි සෂීධරන් මහත්මිය එහිදී යෝජනා කර තිබේ.
තවද වෙල්ලමුල්ලිවෛයික්කාල් ගැටුමේදී මියගිය දහස් ගණන් ද්‍රවිඩ ජනතාව සිහිපත් කිරීම සඳහා එම ස්ථානයේ සමරු ඵලකයක් ස්ථාපිත කළ යුතු බවට ඉදිරිපත් වූ යෝජනාවක් ද අද සම්මත වී ඇත.
No comments:
Post a Comment