තමන් දේශපාලනයට එන්නේ ජනතාවගේ ආතතිය නැති කිරීමට යයි එක්සත් ජනතා නිදහස්
සන්ධානයෙන් බස්නාහිර පළාත් සභාවට තරඟ වදින රංගන ශිල්පිනී ගයේෂා පෙරේරා
මෙනවිය පවසයි.ඇය සති අන්ත පුවත් පතක් හා අදහස් දක්වමින් මෙසේද අදහස් පල කරන්නීය.
‘මම දේශපාලනයට ආවෙ හදිසියේ නෙමෙයි. 2010
ජනාධිපතිවරණයේ සිට මම ශ‍්‍රීලනිප සාමාජිකාවක්
ලෙස සන්ධානය දිනවන්න දායක වුණා.
මගේ ගොඩක් බලාපොරොත්තු තියෙනවා. ප‍්‍රධාන වශයෙන් අප වගේ ජනප‍්‍රිය කලාකරුවන් දේශපාලඥයන් වී ජනතාව ළඟට ගිය විට ඔවුන් තුල තියෙන මානසික ආතතිය නැති කල හැකියි. අද ජනතාව ඉන්නේ දැඩි පීඩනයකින්. ඉතින් ඔවුන් ආදරය කරන නළු නිලියන් ජනති සේවකයන් වී ඔවුන් අතරට පැමිණි විට කොච්චර සතුටක්ද? එය සතුට ලබාදීමට අපට හැකිවීම කොතරම් භාග්‍යයක්ද?
අද ජනතාව තමන්ගේ හිතේ තියෙන මානසික පීඩනය නැති කර ගන්නේ ගීතයක් අසා හෝ චිත‍්‍රපටයක් බලා හෝ ටෙලි නාට්‍යයක් බලමින්. එම නිර්මාණවල සිටින තමන් ආදරය කරන නළු නිළියන් ඔවුන්ගේ ප‍්‍රශ්න විසඳන්න පැමිණෙන විට එයාලා කොච්චර සතුටු වෙනවාද? ඉතිං එම සතුටත් ලබාදෙමින් ජනතාවගේ ප‍්‍රශ්ණවලට විසඳුම් ලබා දෙන්න මම උත්සාහ කරනවා’
No comments:
Post a Comment