එජාප මන්තී‍්‍ර මංගල සමරවීර අත්අඩංගුවට ගැනීමේ සැලසුමක් මේ වනවිට
කි‍්‍රයාත්මක වෙමින් පවතින බවට තොරතුරු වාර්තා වෙමින් පවතින බව එක්සත්
කාන්තා පෙරමුණ පවසයි. මන්ත‍්‍රිවරයාගේ නිවසට පැන මත්පැන් බෝතල් කිහිපයක් හා
ලැප්ටොප් පරිගණකයක් සොරා ගත් බවට සැකය මත අත්අඩංගුවට ගෙන ඇප මත නිදහස්
කරනු ලැබූ සැකකරු පොලිස් මූලස්ථානය වෙත පැමිණිල්ලක් මුල්කොට ගෙන සම්මත නොවන
ලිංගික ඇසුර සම්බන්ධයෙන් මන්ත‍්‍රීවරයා එසේ අත්අඩංගුවට ගන්න සැලසුම
ක‍්‍රියාත්ම වන්නේ යයිද පවසමින් එම පෙරමුණ නිකුත් කළ නිවේදනයක මෙසේ දැක්වේ.මෙය දේශපාලන පලිගැනීමක් සදහා සංවිධානාත්මකව කරන ලද කුමණ්ත‍්‍රණයක් බව පැහැදිලිව පෙනෙන්නට ඇති අතර එමගින් ශ‍්‍රී ලංකාවේ වෙසෙන කවරෙකුට හෝ එරෙහිව ඕනෑම අවස්ථාවක මෙම යල්පැන ගිය නීතිය කි‍්‍රයාත්මක කිරීමේ අවදානමක් පැනනගී.
එහෙයින් කාන්තා අයිතිවාසිකම් සහ සුබසිද්ධීන් වෙනුවෙන් කි‍්‍රයාකාරී වන අප සංවිධානය මේ ප‍්‍රශ්නය වෙනුවෙන් පෙනී සිටින්නේ මිනිසුන් සතු ලිංගිකත්වය සම්බන්ධයෙන් වන අයිතිවාසිකම් ඉතා නිර්ලජ්ජිත හා ගෝත‍්‍රික මානසිකත්වයෙන් යුතුව උල්ලංඝණය කිරීමට වත්මන් පාලනාධිකාරිය හා ඔවුන්ගේ හිතමිතුරන් මේ මොහොතේ කරළියට පැමිණ ඇති තත්ත්වයක් තුළය.
මංගල සමරවීර මන්ත‍්‍රීවරයාගේ පෞද්ගලික ජීවිතය මූලික කොට ගෙන ඔහුට එරෙහිව නීතිය කි‍්‍රයාත්මක කරවන්න කැසකවන්නේ පැරණි වික්ටෝරියානු සදාචාරයේ යල්පැන ගිය නීති නැවත කරළියට ගෙන එමිනි. වික්ටොරියානු සදාචාරවාදය උපන් එංගලන්තයේද මේ මානව විරෝධී නීති ඉවත් කර දැන් බොහෝ කල්ය. එහෙත් අතිශය පසුගාමී රටක නූගත් පිරිසකගේ පාලන සමය මූර්තිමත් කරමින් අද වත්මන් පාලනාධිකාරිය හා ඔවුන්ගේ මිතුරන් මේ නීති කි‍්‍රයාත්මක තලයට ගෙන ඇත.
රටක නීති පැවතිය යුත්තේ කිසිවකුගේ හෝ අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමට නොව එය සුරැකීමටය. අද ශ‍්‍රී ලංකාවේ පවත්නා නීති පද්ධති මානව අයිතිවාසිකම් සුරක්ෂිත වන ලෙස විද්‍යාත්මක සමාජ භාවිතයට ගැළපෙන ලෙස ප‍්‍රතිසංස්කරණය කොට වඩා ප‍්‍රජාතන්ත‍්‍රවාදී පරිසරයක් ජනතාව වෙත ලබාදිය යුතුව තිබෙන තත්ත්වයක් තුළ මේ සිදුවීම ඉතා කනගාටුදායක බව එම පෙරමුණේ සභාපතිනි ඩයනා ගමගේ පවසයි.
වැඩිදුරටත් ඇය අවධාරණය කරන්නේ සමරවීර මහතාගේ ලිංගික නිදහස රජය විසින් තහවුරු නොකරන්නේ නම් මේ සම්බන්ධයෙන් තම සංවිධානය දැඩි ක‍්‍රියාමාර්ග ගන්නා බවයි.
No comments:
Post a Comment