Wednesday, January 29, 2014

විදුලි අර්බුදයක්නොමැත-මණ්ඩලය පවසයි

විදුලි බලාගාර කිහිපයක් අක්‍රීයවීම හේතුවෙන් රට තුළ විදුලි අර්බුදයක් හට ගැනීමේ අවදානමක් නොමැති බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.

සෙසු තාප විදුලි බලාගාර හා ජල විදුලි බලාගාරවලින් ජාතික විදුලි අවශ්‍යතාවයට ප්‍රමාණවත් තරම් විදුලිය සැපයෙන බව එහි සභාපති ඩබ්ලිව්.බී ගනේගල මහතා සඳහන් කරයි.

කෙසේ වෙතත් නොරොච්චෝල වැනි විදුලි බලාගාර අක්‍රියව පැවති අවස්ථාවක මහවුස්සාකැලේ ජලාශය හිස් කර නව ලක්ෂපාන සහ කැනියන් විදුලි බලාගාර අක්‍රිය තත්ත්වයට පත් කිරීමට තරම් බලධාරීන් අධුරදර්ශී වී ඇති බව ලංකා විදුලි සැපයීම් නිලධාරීන්ගේ සංගමයේ ලේකම් ආනන්ද නිමලරත්න මහතා පවසයි.

එහෙත් අදාළ බලාගාර නඩත්තු කටයුතු සඳහා වසා දැමුණේ නියමිත කාල පරිච්ජේදයේම බව විදුලි බල මණ්ඩලයේ සභාපති ඩබ්ලිව්.බී ගනේගල මහතා පෙන්වා දෙයි.

විදුලි බලාගාර වසා දමා වැඩි මිලට විදුලිය ලබා ගැනීම මගින් ඉදිරියේ දී විදුලි ගාස්තු ඉහළ යෑමේ අවධානමක් පවතින බවට විදුලි බල මණ්ඩල වෘත්තීය සමිති චෝදනා කරයි.

No comments:

Post a Comment