දිගින් දිගටම සිදුවන නොරොච්චෝලේ බලාගාරයේ විදුලි නිපදවීමේ කටයුතු
ඇණහිටීම්වලට සම්පූර්ණයෙන් වගකිව යුත්තේ චීන රජය යයි විදුලිබල හා බලශක්ති
අමාත්‍යංශයේ ලේකම් එම්.එම්.සී ෆර්ඩිනැන්ඩු මහතා පවසයි.කෙසේ වෙතත් ඉංජිනේරුවන් දිවා රාත‍්‍රී නොබලා වෙහෙසෙමින් බලාගාරය අලූත්වැඩියා කරන බව කී ලේකම්වරයා දැනට ඇණහිට ඇති අනෙකුත් බලාගාරයන්ද යථා තත්ත්වයට ගෙන එමින් පවතින බවද ඒ මහතා සදහන් කළේය.
නොරොච්චෝලේ බලාගාරය හෝ අනෙකුත් බලාගාර අක‍්‍රීය වූවා කියා කිසිදු අයුරකින් විදුලි කප්පාදුවක් සිදු නොකරන බවත්, විදුලි ගාස්තුව ඉහළ නොදමන බවත් ලේකම්වරයා පැවසීය.
විදුලිබල මණ්ඩලයට මූල්‍ය අවාසියක් සිදුවුවද විදුලි බිලෙන් ඉන්ධන ගැලපුම් ගාස්තුව ඉවත් කිරීමද ඉදිරියේදී කටයුතු කරන බවද හෙතෙම සදහන් කළේය.
‘චීන රජය තමයි නොරොච්චෝලේ බලාගාරය හදන සමාගම තීරණය කළේ. ඒක නිසා බලාගාරයේ මොනවහරි ප‍්‍රශ්නයක් ඇති වුණාම චීන රජයට කරුණු කීමේ හැකියාව ශ‍්‍රී ලංකා රජයට තියනවා. බලාගාරයේ මොනවහරි ප‍්‍රශ්නයක් තියෙන විට අදාළ සමාගමට කිව්වාම,ඒ සමාගම හොයා බලන්නේ නැතිනම් චීන රජයට පැමිණිලි කරන්න වෙනවා.
මේ බලාගාරය සුදුසුයි කියලා සහතික කළේ චීන රජයයි.කොන්ත‍්‍රාත්කරුවාගේ ප‍්‍රමිතිය පිළිබද ප‍්‍රශ්නයක් තියනවානම්, ලංකාවේදී කළ ඉදිකිරීම් වල දෝෂයක් තියනවානම්,ගෙනාපු බඩු තත්ත්වයෙන් බාල ඒවා නම් ඒවාට කොන්ත‍්‍රාත්කරු වගකිව යුතුයි. බලාගාරයක් ගත්තම මේ ප‍්‍රශ්න තුන විතරයි ඇති වෙන්න පුළුවන්. ඩිසයින් එකේ දෝෂ,ප‍්‍රමිතියෙන් බාල කොටස් හා ඉදිකිරීම්වල දෝෂ 3ට ලංකා විදුලිබල මණ්ඩලයත් වගකියන්න ඕනෑ. මොකද ඩිසයින් අනුමත කළේ ලංකා විදුලිබල මණ්ඩලයයි’යැයි ෆර්ඩිනැන්ඩු මහතා අවධාරණය කළේය.
No comments:
Post a Comment