Tuesday, January 28, 2014

අනුර-විග්නේෂ්වරන්....කුමන්ත‍්‍රණහෙළිවේ


මුදල් අමාත්‍යාංශයේ අවශේෂ නි
ලධාරියකු විසින් තමන් අතට පත් කලේ යයි කියන කොල කැබලි කිහිපයක් මත පදනම්ව ජවිපෙ ජාතික ලයිස්තු පාර්ලිමේන්තු මන්ත‍්‍රී අනුර දිසානායක විසින් පසුගියදා දිගින් දිගටම පවසන්නට යෙදුනේ මුදල් අමාත්‍යාංශය විසින් ඉදිරිපත් කරනු ලැබූ සංඛ්‍යාලේඛණ වැරදි බවත් ඒ අනුව ආණ්ඩුව විසින් ඉදිරිපත් කරනු ලබන කිසිදු සංඛ්‍යාලේඛනයක් පිළිගත නොහැකි බවයි.
මේ වන විට ජිනීවා මානව හිමිකම් සමුළුවට පෙරාතුව අවසන් කරන අරමුණින් ජන හා සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුව විසින් දශක ගණනාවකට පසු මුළු දිවයිනම ආවරණය වන පරිදි සංඝණනයක් සිදු කරමින් ඇති අතර ඊට විරෝධය පාමින් උතුරු පළාත් සභා මහ ඇමතිවරයා කියා සිටියේ උතුරු පළාත් සභාව වෙනම සංඝණනයක් සිදු කරන බවත් ආණ්ඩුවේ සංඛ්‍යාලේඛණ පිළිගත නොහැකි බවත්ය.
උතුරේ සහ දකුණේ සිට සිංහලෙන් අනුර දිසානායකත් දෙමළෙන් විග්නේෂ්වරනුන් කාලයක සිට කරනු ලැබූ ප‍්‍රකාශවල සැඟවුණු අරමුණ ඊයේ දිනයේ උතුරු පළාත් සභාවේදී මුළුමනින්ම හෙළි විය.
කොටි සංවිධානයේ හිටපු සන්නද්ද ප‍්‍රධානියෙක් වූ එලිලන්ගේ බිරිඳ වන වත්මන් උතුරු පළාත් සභා මන්ත‍්‍රීනී ආනන්දි ශෂිදරන් යෝජනාවක් ඉදිරිපත් කලේ උතුරු පළාත තුල ඇත්ත තත්වය ජාත්‍යන්තරයට හෙළි කිරීම සඳහා උතුරු පළාත් සභාව විසින් කරන සංගණනයේ සංඛ්‍යාලේඛණ යොදා ගත යුතු බවයි. රජය විසින් කරනු ලැබු සංගණනය ව්‍යාජ එකක් බවට ජිනීවා මානව හිමිකම් සමුළුවේදී තහවුරු කල යුතු බවත් කියැවුණු එම යෝජනාව උතුරු පළාත් සභාවේදී සම්මත විය.
ඒ සමඟම ජිනීවා මානව හිමිකම් සමුළුවට දෙමළ ජාතික සන්ධානයෙන් පිටත්ව යන කණ්ඩායමට ආනන්දි ශෂිදරන්ද ඇතුලත් කර ඇති අතර උතුරේ සිදු වූ බව කියන ජන සංහාරය ගැන කරුණු දැක්වීම ඇයට බාර වී තිබේ.
මේ අතර වාර්තා වන්නේ ශ‍්‍රී ලංකාවේ අමරිකානු තානාපතිනී මිචෙල් සිසොන්ද ජිනීවා බලා යන දෙමළ ජාතික සන්ධාන නියෝජිතයන් හමු වී එහිදී කටයුතු කල යුතු ආකාරය සහ එක් එක් නියෝජිතයා විසින් ඉදිරිපත් කල යුතුකරුණු සම්බන්ධයෙන් දීර්ඝ පැහැදිලි කිරීමක් සිදු කර ඇති බවයි. එය කොටි හිතවාදී දෙමළ මාධ්‍යන්හිද පලව තිබේ.
මන්ත‍්‍රී අනුර දිසානායක රජයේ සංඛ්‍යලේඛණ සම්බන්ධයෙන් අවිශ්වාසය කුළුගන්වන්නට උත්සාහ ගනිද්දී මුල් අවස්ථාවේදීම ඊට ප‍්‍රතිචාර දක්වමින් ඇමති වීරවංශ අදහස් පල කර තිබුණේ මෙසේය.
“ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු කණ්ඩායම් නායකතුමා පාර්ලිමේන්තුවේ ප‍්‍රකාශයක් කළා, ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව හදපු සංඛ්‍යාලේඛන වැරදියි, 5.3% ඒගොල්ලො කියපු ආර්ථික වර්ධන වේගය, මුදල් අමාත්‍යාංශයෙන් කියලා මේක 5.5% කරන්න. ඒගොල්ලෝ ඊට එකග වෙලා තියෙනවා කියලා. ඒකට අකැමැති වුණු නිලධාරිනියකට විරුද්ධව දැන් පරික්‍ෂණයක් යනවා. ඒ නිලධාරියා පරික්‍ෂණයට දුන්න ලියුම උපුටා ගත්තු එතුමා කියනවා, ‘සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව ඇත්ත ගණන බොරු කළා. මේකේ ගණන් බොරු. මේ ආණ්ඩුව බොරු දත්ත තමයි පෙන්වන්නේ කියලා. දැන් අපි කියමුකෝ දශම 2යි නේ මේ වෙලා තියෙන වෙනස. 5.3% ඇත්ත ගණන, 5.5% කළාලූ. දශම දෙකක් වැඩි වුණාලූ. අපි දන්න විදියට නම් මේ ගණන් මිනුම් අපි කැමති වුණත් අකැමැති වුණත් ඔය ජාත්‍යන්තර මූල්‍ය ආයතනත් බලනවා. ආර්ථික වර්ධන වේගය වගේ ගණනක් මුදල් අමාත්‍යාංශය  ඕන විදියටම වෙනස් කරන්නත් අමාරුයි. අර ආයතනත් මේවා බලනවා. මොකක්ද මේකේ තියෙන සම්බන්ධය. ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවෙන් මුළු රටේම යනවා. යුද්ධයෙන් මියගිය හා අතුරුදහන් වූවන් පිළිබඳ සම්පූර්ණ සංගණනයක් කරනවා. අර ස්ටීවන් රැප් කියනවා එක ගණනක්. මෙහෙ ඉන්න ඇමෙරිකන් නෝනා කියනවා තව එක ගණනක්. රායප්පු ජෝශප් පියතුමාට හිතන ගණන එයා කියනවා. ටැමිල් ඩයස්පෝරාව කියනවා එක ගණනක්. අපි කියනවා තව ගණනක්. දැන් ගණන් ලෝකයක්. ඒ හින්දා ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සංගණනයක් කරනවා මේ වන කොට මුළු රටේම හමුදාවෙන් මැරුණත් අත්බෝම්බවලින් මැරුණත් හමුදාව ගහපු හින්දා කොටි මැරුණත් මේ යුද්ධයෙන් සිංහල, දෙමළ, මුස්ලිම් කීයක් මැරුණද, කීයක් අතුරුදහන් වුණාද, ඇත්ත ගණන හොයනවා ගෙයින් ගෙට ගිහින්.
උතුරු පළාත් සභාවේ ටී. එන්. ඒ. ලොක්කෝ ටික කියනවා, ‘අපි මේක පිළිගන්නේ නැහැ. සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව අපි පිළිගන්නේ නැහැ. උතුරේ අපි වෙනම සංගණනයක් කරනවා’ කියලා. පළාත් සභාවලට සංගණන කිරීමේ බලය විමධ්‍යගත කරලා නැහැ. ලංකාවේ ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තු තියෙන්නේ එකයි. ඒ තමයි මධ්‍යම රජයේ තියෙන එක. දැන් උතුරු පළාතේ ටී. එන්. ඒ. එකේ ලොක්කො මොකද කලබල වූණේ, ‘භූමිතෙල් ගෑවිච්ච ගැරඩියා’ වගේ. ඇත්ත ගණන එළියට එනවා. බොරු ගණන යටපත් වෙනවා. මැරුණා, අතුරුදහන් වුණා කියලා, රට ගිය අයගෙත් නම් දාලා, දැන් ඇත්ත ගණන එළියට එනවා. ආන්න දැන් ඒ අය විරුද්ධ වුණා. විරුද්ධ වෙලා විතරක් බැහැ ඒගොල්ලන්ගේ දේශපාලන චරපුරුෂයකුට දුන්නා කොන්ත‍්‍රාත්තුව. ජනතා විමුක්ති පෙරමුණේ ඇතුළේ ඉන්න උන්නැහේලාගේ දේශපාලන කොන්ත‍්‍රාත්තු ඉටු කරන චරපුරුෂයාට දුන්නා කොන්ත‍්‍රාත්තුව. කුමාර මහත්තයා දාලා ගියාට පස්සේ ඊළ`ග අනුප‍්‍රාප්තිකයාට දුන්නා කොන්ත‍්‍රාත්තුව. කුමාර මහත්තයා, ‘ඔරිජිනල් චරපුරුෂයා’  ඕස්ෙටි‍්‍රලියාවේ සතුටෙන් සමාදානයෙන් දෙයියනේ කියලා ජීවත්වනවානේ මෙහෙ අහිංසක කොල්ලෝ ටික අනාථ කරලා. දැන් ඒක පවරලා ගියා අනුප‍්‍රාප්තිකයාට. කොන්ත‍්‍රාත්තුව මොකක්ද? ‘ගහන්න අනුර මෙන්න මෙහෙම. නිලධාරියෙක් ඉන්නවා ගණන හැදුවේ වැරදි විදියට කියලා එයාගෙන් ලියුමක් අපි අරන් දෙන්නම්. ඒ ලියුම අරගෙන ඒ ලියුම මත පදනම්ව ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව ගණන් හදන්නේ වැරදියට කියන මතය හදන්න. එතකොට ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවෙන් මේ දෙන සංගණන වාර්තාව අවිශ්වාසයට භාජනය වෙනවා. ඒ ගණන බොරු වෙනවා. ඒ ගණනත් බොරු ගණනක් කියලා කියන්න අපිට චාන්ස් එක ලැබෙනවා. ඔයා මේ ටික කියන්න ඉතුරු ටික අපි කියන්නම්’ මේ බලන්නකෝ චරිත බෙදා හදාගෙන කරන අපූරුව චිත‍්‍රපටයකවත් මේ තරම් පිළිවෙළට මේ ජවනිකා බෙදා හදාගෙන කරන්න පුළුවන්ද?
ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ විශ්වාසනීයත්වයට ගහන්නයි මේ අයට උවමනා. හරි අපි හිතමු මේ සංඛ්‍යාලේඛන අවුල ඇත්තක් කියලා. ඒත් අපි දන්නවා දැන් නොතිබුණාට ජනතා විමුක්ති පෙරමුණට දේශපේ‍්‍රමී ඉතිහාසයක් තිබෙන බව. ඒ ගැන හිතලවත් මේ සංඛ්‍යාලේඛන අවුල ගැන මාර්තු 28 වැනිදායින් පස්සේ අහන්න තිබුණානේ. ජිනීවා ගිහිල්ලා ආවාට පස්සේ මේ ප‍්‍රශ්නය පාර්ලිමේන්තුවේ අහලා කියන්න තිබුණානේ ‘අපි දන්නවා තමුන්නාන්සේලා ජිනීවා සමුළුවට ගියේ ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් සිදු කළ යුද්ධයෙන් මියගිය හා අතුරුදහන් වූවන් පිළිබඳ සංගණන වාර්තාවත් අරගෙන. ඒක පිළිබඳ විශ්වාසය පලූදු වන නිසා අපි මේ ආර්ථික සංඛ්‍යාලේඛන වෙනස් කිරීමක් ගැන දැන සිටියත් ඒ ගැන ඇහුවේ නැහැ’ කියලා. එහෙම නම් ඒක ජවිපෙ දේශපේ‍්‍රමී ඉතිහාසයට අනුකූල වෙනවා, දේශපේ‍්‍රමී නොවන වර්තමානයට අදාළ නොවුණත්.
එන්. ජී.  ඕ. ගුබ්බෑයමක් වුණු ට‍්‍රාන්ස්ෆේරන්සි ඉන්ටර්නැෂනල් කියන සංවිධානය දැම්මා ඉංග‍්‍රීසියෙන් නිවේදනයක් ‘අනුර දිසානායක පාර්ලිමේන්තු මන්ත‍්‍රීතුමා පාර්ලිමේන්තුෙවිදී පෙන්වා දුන්නා, ජන හා සංඛ්‍යලේඛන දෙපාර්තමේන්තුවේ ආර්ථික සංඛ්‍යා ලේඛන වැරදි බව. ඒ නිසා ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ සංඛ්‍යාලේඛන ගැන අපට විශ්වාසයක් තබන්න බැහැ’ කියලා දෙමළ ජාතික සංවිධානය කිව්වා ‘අපට ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ දත්ත ගැන විශ්වාසයක් නැහැ’ කියලා. නමුත් ඒගොල්ලෝ විතරක් කියලා මදි. ඒ නිසා ජනතා විමුක්ති පෙරමුණේ අනුප‍්‍රාප්තික චරපුරුෂයා ලවාත් ඒ ටික කියවා ගත්තා. ඒ කියපු ටික ට‍්‍රාන්ස්ෆේරන්සි ඉන්ටර්නැෂනල් කියන එන්. ජී.  ඕ. ගුබ්බෑයම මේ රටේ සෑම රාජතාන්ත‍්‍රික කාර්යාලයකටම මානව හිමිකම් සංවිධානයකටම මේ කතාව ඉංග‍්‍රීසියෙන් නිවේදනයක් විදියට සකසලා බෙදා හැරියා.
දැන් යුද්ධයෙන් මියගිය හා අතුරුදහන් වූවන් පිළිබඳ වාර්තාව එළිදැක්වූ පසු දෙමළ ජාතික සංවිධානය කියනවා, ‘ඔන්න අපි විතරක් නෙවෙයි කියන්නේ ජවිපෙ අනුර දිසානායක වගේම ට‍්‍රාන්ස්ෆේරන්සි ඉන්ටර්නැෂනල් එකත් කියනවා ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ විශ්වාසනීයත්වය පිළිබඳ ගැටලූ තිබෙනවා’ කියලා. මේ මතය හදන්නයි දැන් අවශ්‍යව ඇත්තේ. කාටද මේ අන්තර්සම්බන්ධතාව වටහා ගන්න පුළුවන්? මේ සිදු වන දේවල් දිහා ඔහේ බලාගෙන ඉන්න කොට පෙනෙන්නේ ත‍්‍රාසජනක චිත‍්‍රපටයක් වගෙයි. දැන් මේ ‘සංඛ්‍යාලේඛන බොරුව’ ගැන ජවිපෙ රට වටේ සම්මන්ත‍්‍රණ පවත්වමින්  යනවා.
එදා ජවිපෙ නායක සෝමවංශ අමරසිංහ මහතා කීවා ‘අපි තමයි කොටි ත‍්‍රස්තවාදීන්ට ගහන්න කීවේ, අපි කියපු නිසයි මහින්ද ගැහුවේ’ කියලා. මේක කිවුවේ මේ විදියට නොවෙයි ශුද්ධ සිංහලෙන්. ‘මහින්ද ඇහුවා මොකෙන්ද ගහන්නේ කියලා. අපි කිව්වා මොකවත් නැත්නම් ‘අහවල්’ එකෙන් හරි ගහන්න’ කියලා. එහෙම නම් ජවිපෙ කියන්නේ තමන් ගැස්සුවා කියලානේ. එහෙම කියපු අය, අද ගහපු හැටි සොයන්න ස්ටීවන් රැප්ලා එනකොට මොකද කරන්නේ. පොකුරු බෝම්බ, රසායනික අවිවලින් ගහපු විදිය ගැන රායප්පු ජෝශප්, සවුන්ද්‍රනායගම් යන පියතුමන්ලා රැප්ට පවසන කොට ජවිපෙ අද මොනවාද තියන්නේ. ජවිපෙ ශබ්ද නැහැ ‘නෝ කතා, නෝ සිනා’
තමන් කියපු හින්දා නම් කොටි ත‍්‍රස්තවාදයට ජනාධිපතිතුමා ගැහුවේ, මේ විදියට චෝදනා එල්ල වන කොට ඊට එරෙහි වීමේ සදාචාරාත්මක යුතුකමක් ජනතා විමුක්ති පෙරමුණට නැද්ද? මහින්ද රාජපක්‍ෂ, ගෝඨාභය රාජපක්‍ෂ ඇතුළු රණවිරුවන්ට බෙල්ලට තොණ්ඩුව දාන්න මේ අය අද ‘අතිරේක සමූහ වාදනය’ සපයන තැනට ඇද වැටිලා”

No comments:

Post a Comment