Monday, January 27, 2014

ප‍්‍රභාකරන්ගේ රූකඩයක්වු ෆොන්සේකා

ප‍්‍රභාකරන්ගේ මයිල් ගහක් තරම්වත් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වටින්නේ නැතැයි කියන සරත් ෆොන්සේකා, ප‍්‍රභාකරන්ගේ රූකඩයක් බවට පත්ව ඇතැයි උතුරු මැද පළාත් අධ්‍යාපන, සංස්කෘතික හා තොරතුරු තාක්ෂණ අමාත්‍ය කේ.එච්. නන්දසේන මහතා පවසයි.
පදවිය මහ සෙන්පුර විද්‍යාලයේ පැවති උත්සවයට සහභාගී වෙමින් අධ්‍යාපන අමාත්‍යවරයා මේ බව ප‍්‍රකාශ කළේය.
‘ෆොන්සේකා පසුගියදා මාධ්‍ය වෙත ප‍්‍රකාශ කර සිටියේ මේ රටේ නායකයා වටින්නේ නෑ කියන එකයි. ප‍්‍රභාකරන් එදා ඔවුන්ගේ පවුල් වලට හිංසා පීඩා නොකළ බව ඇත්ත.
ඒත් ප‍්‍රභාකරන් කියන්නේ මේ රටේ මිනිසුන් අමු අමුවේ මරා දැමූ මිලේච්ඡු ඝාතකයෙක්. භික්ෂූන් වහන්සේලා සාමාන්‍ය ජනතාව, කුඩා දරුවන් විවිධ වද හිංසා දීලා මරා දැම්මා.
මේ තිස් වසරක පැවති යුද්ධයෙන් ජීවිත විනාශ වූයෙත් පීඩාවට පත් වූයෙත් අපේ අහිංසක මිනිසුන්. මෙවැනි ඝාතනයන් සිදුකළ පුද්ගලයෙකුටද සරත් ෆොන්සේකා හො`ද නායකයෙකු කියන්නේ.
ජනාධිපති මේ රටේ අහිංසක ජනතාව වෙනුවෙන් මාතෘ භූමිය නිදහස් කරගෙන සංවර්ධනය කරා ගෙන යන උදාර නායකයෙක’ යැයිද එහිදී හෙතෙම කීය.

No comments:

Post a Comment