Monday, January 27, 2014

රථවාහන පෙරහුරුවක් ධාවනය එක් දිශාවකට

මීගමුව - කොළඹ ප‍්‍රධාන මාර්ගයේ වත්තල නගර සීමාව තුළ විශාල රථවාහන තදබදයක් පවතින බැවින් වත්තල නගර සිමාව තූළ වාහන එක් දිශාවකට පමණක් ධාවනය කරවිමේ පෙරහුරුවක් 2014-01-28 වන දින පෙරවරු 06.00 සිට දවසපුරා ක්‍රියාත්මක කරවීමට කටයුතු සුදානමි කර ඇති බව පොලීසිය නිවේදනය කරයි.

එකී නිවේදනය පහත පරිදිය.

* ඒ අනුව 2014-01-28 වන දින මීගමුව දෙස සිට කොළඹ දක්වා ධාවනය වන වාහන වත්තල නිල්මිණි හන්දිය අසලින් වමට හරවා පරණ මීගමු පාර ඔස්සේ ගමන් කර අල්විස් ටවුම හන්දිය අසලින් නැවතත් ප‍්‍රධාන පාරට වැටී කොළඹ දෙසට ධාවනය කරවිමට කටයුතූ කර ඇත.

* කොළඹ සිට මීගමුව දෙසට ධාවනය වන වාහන වලට අල්විස් ටවුම හන්දිය සිට නිල්මිණි හන්දිය දක්වා මංතීරු දෙකම භාවිතා කරමින් ගමන් කළ හැක.

* පරණ මීගමු පාර වෙත විවෘත වන ‘හුණුපිටිය පාර” කූඩා ඒදණ්ඩ පාර සහ ශාන්ත අන්තෝනි පාර මගින් පරණ මීගමු පාරට ඇතූළුවන වාහන දකූණට හැරවිම තහනම් කර ඇති අතර එම වාහන වමට හැරී කොළඹ දෙසට ධාවනය කර අල්විස් ටවුම හන්දියෙන් මීගමුව දෙසට ධාවනය කළ හැක.

*නිල්මිණි හන්දිය හා අල්විස් ටවුම හන්දිය අතර ප‍්‍රදේශයේ පිහිටි රාජ්‍ය ආයතන” පෞද්ගලික ආයතන වෙළඳසැල් හා ඉන්ධන පිරවුම්හල් වෙත මීගමුව දෙසින් පැමිණෙන වාහන සියල්ලද ඉහත පරිදි නිල්මිණි හන්දියෙන් පරණ මීගමුව පාර භාවිතා කොට අවශ්‍ය ස්ථාන වෙත පැමිණිය හැක.

එසේම මාකඳුර මුලටියන මාර්ගයේ ගමනා ගමනය සීමා වීම සම්බන්ධවද පොලීසිය විසින් නිවේදනයක් නිකුත් කර ඇති අතර එකී නිවේදනය පහත පරිදිය.

මාවරළ පොලිස් වසමේ මාකඳුර මධ්‍ය මහා විද්‍යාලයට සියවසක් සපිරීම නිමිත්තෙන් පවත්වනු ලබන අධ්‍යාපන හා වෙළඳ ප‍්‍රදර්ශනයේ සමාරම්භක උත්සවය 2014-01-28 වන දින පෙ.ව 10.00 සිට ප.ව 7.00 දක්වා කාලය තුළ විද්‍යාල භූමියේ පැවැත්වීමට නියමිතව ඇත.

මේ නිසා මුලටියන මාකඳුර ප‍්‍රධාන මාර්ගය අවහිරතාවයක් ඇතිවීම වළවා ගැනීමට ඉහත කාලය තුළ මුලටියන මාකඳුර මාර්ගයේ වාහන ගමනාගමනය සීමා කිරීමට සිදුවන බවත්,මේ නිසා මහජනයාට සිදු වන අපහසුතාවය මග හරවා ගැනීම සදහා පහත විකල්ප මාර්ග භාවිතා කරන ලෙසත් පොලීසිය ඉල්ලා සිටියි.

ඒ අනුව

01. මුලටියන සිට මාකඳුර දක්වා ගමන් කරන වාහන වලගාව වත්ත හන්දියෙන් දකුණට හැරී රෝයි රාජපක්‍ෂ මාවත ඔස්සේ රණගල හරහා මාකඳුර හන්දියට පැමිණීම.

02. මාතර සිට මුලටියන හා දෙයියන්දර දක්වා ගමන් කරන වාහන හික්තොට වත්ත හන්දියෙන් දකුණට හැරී සීනිපැල්ල බතලවත්ත පාලම හරහා මුලටියන මා දෙයියන්දර දෙසට ගමන් කිරීම.

No comments:

Post a Comment