
එදා පළාත් සභාවේ බලතල අඩු නොකොට පළාත් සභා මැතිවරණය නොපවත්වන ලෙස තමන් ඇතුළු පිරිස් ඉල්ලීම් කරනු ලැබුවේ වත්මන්හි මෙවැනි තත්ත්වයක් උද්ගතවන බැව් අනුමාන කළ නිසා බැව් හෙතෙම කියා සිටියේ අද (28) කොළඹ පැවති මාධ්‍ය හමුවකදීය.
ද්‍රවිඩ ජාතික සන්ධානය විසින් ඊයේ පවත්වනු ලැබූ උතුරු පළාත් සභා රැස්වීමේදි රටට අහිතකර යෝජනා කිහිපයක්ම ගෙනවිත් ඇති බව පෙන්වා දෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.
උතුරේ පළාත් සභාව ගැන සුබවාදී හීන දැකපු මහත්තුරුන් විසින් තමන්ගේ දේශපාලන හිතමිතුරන් හික්මවා ගත යුතු බවත්, එසේත් නැතිනම් තමන් ආණ්ඩුවට බලකරන විට විරුද්ධ නොවී සිටිය යුතු බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
ද්‍රවිඩ ජාතික සන්ධානය ගැන ඉදිරියේදී ආණ්ඩුව විසින් ගනු ලබන ක්‍රියාමාර්ගය කුමක්ද යන්න පිළිබඳ ආණ්ඩුව නියෝජනය කරන අයෙකු ලෙස කුමක් කිවහැකිදැයි මාධ්‍යවේදියෙකු ඇසූ පැනයට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා කියා සිටියේ ඒ පිළිබඳ රජයේ කැබිනට් ප්‍රකාශකගෙන් ඇසිය යුතු බවයි.
No comments:
Post a Comment