Saturday, February 8, 2014

චන්ද්‍රිකා06 වැනි ජාත්‍යත්තර කාන්තා සමුළුව අමතයි

මම හැම අවස්තාවකම උත්සාහ ගත්තේ කොටි සංවිධානය සමඟ සාකච්චා කිරීමට යයි හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බන්ඩාරනායක කුමාරතුංග මහත්මිය පවසයි.
මෙම කාන්තා සමුළුව සඳහා රටවල් 46කින් කාන්තා නියෝජිතයින් පැමිණ සිටි අතර ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මියද ඊට සහභාගි වී සිටියාය.
ඇය මේ බව පැවසුවේ ඉන්දියාවේ බැංගලෝර්හි පැවති 06 වැනි ජාත්‍යත්තර කාන්තා සමුළුව අමතමින් මෙතුමිය පවසා තිබේ.
සාම සාකච්චා සඳහා ශ‍්‍රි ලංකා රජයේ නිලධාරීන් සහභාගී වනවාට කොටි සංවිධානය විරුද්ධ වූ පසු තමන් ඔවුන් විසින් යෝජනා කල විදෙස් රටවල් මැදිහත් කල බවද කී ඇය තමන් සාමය සඳහා කල කැපවීම කොටි සංවිධානය පැත්තෙන් නොවූ බවත් කීවාය.

කොටි සංවිධානය විසින් තමන් අවස්ථා කිහිපයකදීම ඝාතනය කිරීමට උත්සහ ගත් බවද ඇය එහිදී සිහිපත් කලාය.
කෙසේ නමුත් එල්.ටී.ටී.ඊ සංවිධානය සමග පැවැති යුද්ධයේදී ශ්‍රී ලංකා රජය සාධාරණ සැලකිල්ලක් දැක්වූ අතරම යුද්ධයේදී තුවාල ලැබූ ත‍්‍රස්තවාදී සැකකරුවන්ට ප‍්‍රතිකාර කිරීමට රෝහල් පවා ඉදිකළ බව හිටපු ජනපතිනිය පෙන්වාදුන්නාය.
ලංකාවේ වත්මත් තත්වය පිලිබද අදහස් දැක්වු ඇය පාලකයන් සිතන්නේ බලය හැකි තාක් තම පවුල් පසු බිම වටා ගොඩ නගා ගැනීමට බවය.

No comments:

Post a Comment