බස්නාහිර හා දකුණු පළාත් සභා මැතිවරණයට අදාළ අපේක්ෂකයින් සඳහා මනාප අංක
ලබාදීම ලබන 11 වනදා ආරම්භ කරන බව මැතිවරණ දෙපාර්තමේන්තුව පවසයි.
මෙවර පළාත් සභා මැතිවරණයේ නාමයෝජනා භාර ගැනීමේ කටයුතු පසුගිය 06 වැනිදා අවසන් විය.
ඒ අනුව මේ වන විට අපේක්ෂකයින්ගේ මනාප අංක සකස් කරමින් පවතින බව මැතිවරණ දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
මේ අතර තැපැල් ජන්ද අයදුම්පත් භාර ගැනීම ලබන මස 10 වන දින අවසන් වීමට නියමිතය.
ඉන් අනතුරුව ඊට අදාළ නාමලේඛනය සකස් කෙරෙන අතර ඒවා සහතික කිරීමෙන් පසු නිල
වශයෙන් තැපැල් ජන්දය පැවැත්වෙන දිනය ප්‍රකාශයට පත් කෙරෙනු ඇත.
කෙසේ වෙතත් මැතිවරණ දෙපාර්තමේන්තු ආරංචිමාර්ග පවසන්නේ ලබන මස 13, 14 යන දෙදින තුළ තැපැල් ජන්දය පැවැත්වීමට නියමිත බවයි.

No comments:
Post a Comment