Saturday, February 8, 2014

ටෙස්ට් තරඟාවලියේ ජය ශ්‍රී ලංකාවට

බංග්ලාදේශ - ශ්‍රී ලංකා ටෙස්ට් තරඟාවලිය 1ට 0ක් ලෙස ජයගැනීමට ශ්‍රී ලංකාව සමත් විය.

 දෙවන ටෙස්ට් තරඟයේ අවසන් දිනය වූ අද මීට ටික වේලාවකට පෙර තරඟය නතර කෙරිණ.

  තරඟය ජයගැනීම සදහා බංග්ලාදේශ කන්ඩායමට ලකුණු 467ක් ලබාගතයුතුව තිබිනි.

  තරඟය නතර කරන විට ඔවුන් දෙවන ඉනිම සඳහා කඩුලු 3ක් දැවී ලකුණු 271ක් ලබා සිටියා.

  බංග්ලාදේශ කණ්ඩාය‍මේ මොනිමුල් හක් නොදැවී ලකුණු 100ක් ලබා සිටියා.

ශ්‍රී ලංකාව මෙම තරඟයේ පළමු ඉනිමට ලකුණු 587ක්ද දෙවන ඉනිමට කඩුලු 4ට ලකුණු 305ක්ද ලබාගත්තේය.

බංග්ලාදේශය එම අභියෝගයට සාර්ථකව මුහුණදෙමින් පළමු ඉනිමට ලකුණු 426ක් දෙවන ඉනිමට තරඟය නතර කරන විට කඩුලු 3ට ලකුණු 271ක්ද ලබා සිටියේය.

මෙම තරඟය ජය පරාජයෙන් තොරව අවසන් වුවද පළමු තරඟයේ ජයග්‍රහණයත් සමග ශ්‍රී ලංකාවට තරඟාවලියේ ජය හිමිවිය.

එසේම මෙම තරඟය ශ්‍රී ලංකා කණ්ඩායමේ කුමාර් සංගක්කාර ටෙස්ට් වාර්තා පොත් අලුත් කළ තරඟයක් බවට ද පත්විය.

ඔහු මෙම තරඟයේ පළමු ඉනිමේදී ත්‍රිත්ව ශතයක්ද දෙවැනි ඉනිමේදී ශතකයක්ද ලබා ගනිමින් ටෙස්ට් තරඟයකදී ඉනිම් දෙක තුළ වැඩිම ලකුණු සංඛ්‍යාවක් ලබාගත් ලොව දෙවැනි පිතිකරුවා බවට පත්විණ.

මීට පෙර එම දක්ෂතාව එංගලන්ත කණ්ඩායමේ ග්‍රහැම් ගුච් විසිනි‍.

ඔහු 1990 වසරේ දී ඉන්දියාවට එරෙහිව ලෝඩ්ස් පිටියේදී පළමු ඉනිමේදී ලකුණු 333ක් සහ දෙවන ඉනිමේදී ලකුණු 123ක් රැස් කර ලකුණු 456ක් ලබාගෙන තිබේ.

කුමාර් සංගක්කාර මෙම තරඟයේ පළමු ඉනිමේදී ලකුණු 319 ක් සහ දෙවන ඉනිමේදී ලකුණු 105 ක් ලබා ගෙන සිටියදී දැවී ගියේ ලකුණු 424 ට වන අතර ඔහු තවත් ලකුණු 33ක් ලබාගත්තේ නම් ග්‍රැහැම් ගුච්ගේ වාර්තාව බිඳ වැටෙනු ඇත.

එසේම සංගක්කාර සිය 35 වැනි ටෙස්ට් ශතකයද මෙම තරඟයේදී ලබා ගැනීමත් සමග ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම ටෙස්ට් ශතක සංඛ්‍යාවක් ලබාගත් පිතිකරුවා බවට ද ටෙස්ට් ලකුණු 11,000 අඩුම ටෙස්ට් තරඟ සංඛ්‍යාවකදී (208) ලබාගත් ලොව පළමු පිතිකරුවා බවට ද පත්විය.

No comments:

Post a Comment