Wednesday, February 19, 2014

අපරාධ කරුවන්06 දෙනෙකු පොලීස් අත්අඩංගුවට....

පුද්ගලයින් බියගන්වා ඔවුන් සතු දේපළ සහ රථවාහන කොල්ලකෑමේ සිද්ධියකට සම්බන්ධ සැකකරුවන් 06 දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මීගමුව කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් සිදුකළ මෙහෙයුමක දී සැකකරුවන්


අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන් වෙයි.

සැකකරුවන්ගෙන් සිදුකළ වැඩිදුර ප්‍රශ්න කිරීම් වල දී ඔවුන් විසින් කොල්ලකන ලද මෝටර් රථයක්, යතුරුපැදි 03ක්, ව්‍යාජ ලෙස සකස් කරන ලද හැදුනුම්පතක්, ගිනි අවි කිහිපයක් හා උණ්ඩ කිහිපයක් සහ රන් ආභරණ කිහිපයක් පොලීසිය විසින් සොයාගෙන තිබේ.

ගම්පහ, වේයන්ගොඩ, වැල්ලව, සහ මහව ප්‍රදේශවලින් මෙම කොල්ලකෑම් සිදුකර ඇති බව සඳහන් වෙයි.

සැකකරුවන් හොරම්පැල්ල, මිනුවන්ගොඩ, වලල්ලාවිට, ආඩිඅම්බලම සහ ඉබ්බාගමුව යන ප්‍රදේශවල පදිංචිකරුවන් බව වාර්තා වෙයි.

No comments:

Post a Comment