
ටෙස්ට් ශ්‍රේණි ගත කිරීම
1. දකුණු අප්‍රිකාව2. ඉන්දියාව
3. ඔස්ට්‍රේලියාව
4. එංගලන්තය
5. පකිස්ථානය
6.ශ්‍රී ලංකාව
7. බටහිර ඉන්දීය කොදෙව්
8. නවසීලන්තය
9. සිම්බාබ්වේ
10. බංග්ලාදේශ්
සිදුවූ වෙනස්කම් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මගින් නිල වශයෙන් අනුගත කළ යුතු වන අතර, එංගලන්තය හා වේල්සයේ ක්‍රිකට් මණ්ඩලය (ECB), ඕස්ට්‍රේලියාවේ ක්‍රිකට් මණ්ඩලය (CA) සහ ඉන්දියානු ක්‍රිකට් මණ්ඩලය (BCCI) යන ආයතන ද ඇතුළත් පස් දෙනෙකුගෙන් සමන්විත විධායක කමිටුවක් ද පත්කර ගැනීමට නියමිතය.
ටෙස්ට් ක්‍රිකට් ලොවට ඇතුළත්වූ ඇෆ්ගනිස්ථානය, කැනඩාව, අයර්ලන්තය, කෙන්යාව , නෙදර්ලන්තය සහ ස්කොට්ලන්තය යන රටවල් මෙතෙක් තරඟ කළේ ජාත්‍යන්තර එක්දින තරඟ සහ T20 තරඟ වලට පමණි.
2015 හා 2023 අතර කාලය තුල පැවැත්වීමට යෝජිත ටෙස්ට් තරඟාවලිය අනුමත වීම හේතුවෙන් දැනට නියම කරගෙන ඇති ක්‍රිකට් සංචාර අහෝසිවී යනු ඇති බවයි පැවසෙන්නේ.
එබැවින්, ICC හි සාමාජික රටවල් 10 වන ඔස්ට්‍රේලියාව, බංග්ලාදේශය, එංගලන්තය, ඉන්දියාව, නවසීලන්තය, පකිස්ථානය, දකුණු අප්‍රිකාව, ශ්‍රී ලංකාව, බටහිර ඉන්දීය කොදෙව් සහ සිම්බාබ්වේ යන රටවලට මින් ඉදිරියට නිතර ඔවුනොවුන් හා තරඟ කිරීමට නොහැකි වනු ඇත.
සාමාජික රටවල් අටක කැමැත්ත ඉහත යෝජනාවන් සඳහා ලැබුණු අතර පකිස්ථානය හා ශ්‍රී ලංකාව ඡන්දය දීමෙන් වැලකී සිටියහ.
No comments:
Post a Comment