Saturday, February 8, 2014

කොහොමද මැතිවරණයතියන්නෙ? මහින්ද දේශපි‍්‍රයමහතා

නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීම පිළිබඳව පොලිසිය දැනුවත් කිරීමේ වැඩමුළුවක්අද (08) මාතරදී පැවැත්වුණා.
 ඒ මැතිවරණ කොමසාරිස් මහින්ද දේශපි‍්‍රයගේ, ප‍්‍රධානත්වයෙන්  ඊට පොලිස් මැතිවරණ කාර්යාංශය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ගාමිණී නවරත්න සහ දකුණේ නියෝජ්‍ය පොලිස්පතිවරුන්, පොලිස් අධිකාරිවරුන්, සහකාර පොලිස් අධිකාරිවරුන් සහ පොලිස් ස්ථානාධිපතිවරුන් එක්ව සිටියා.

 මෙම වැඩමුළුවේ පළමුවැන්න පසුගියදා බස්නාහිර පළාත කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වුණු බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ සඳහන් කළේ.


No comments:

Post a Comment