Saturday, February 8, 2014

පැහැරගත් සර්වඥ ධාතු අත් අඩංගුවට.

කාම්බෝජයේ කඳුකර ප්‍රදේශයක පිහිටි සිද්ධස්ථානයකින් පැහැර ගෙන ගිය සර්වඥ ධාතු අඩංගු රත්තරන් මංජුසාවක් අත් අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
එම මංජුසාව නොම් පෙන් අගනුවර සිට කිලෝ මීටර් හතළිහක් පමණ ඈතින් වූ එම සිද්ධස්ථානයෙන් සොරාගෙන ගොස් තිබුණේ ඉකුත් වසරේදීයි.

ලංකාවේ පරිත්‍යාගයක්....ලු

දෙදහස් පන්සීයයේ බුද්ධ ජයන්තිය සැමරීම සිහිපත් කරමින්, එක් දහස් නවසිය පනස් හතේ වසරේදී ශ්‍රී ලංකාව විසින් සර්වඥ ධාතු කාම්බෝජයේ නොරදොම් සිහනුක් කුමරා වෙත පරිත්‍යාග කොට ඇති බවට විශ්වාස කෙරේ.
මංජුසාවේ සර්වඥ ධාතු සියල්ල අඩංගුව තිබෙන බව සඳහන් කළ පොලිස් ප්‍රකාශකයෙක් කියා සිටියේ, සැකකටයුතු පුද්ගලයකුද අත් අඩංගුවට ගෙන ඇති බවයි.
නොම් පෙන් අගනුවර තැන්පත් කොට තිබූ සර්වඥ ධාතු දෙදහස් දෙක වසරේදී කඳුකර ප්‍රදේශයේ පිහිටි උදොන්ග් සිද්ධස්ථානයට ගෙන ගිය අතර එම උත්සවයට දස දහස් සංඛ්‍යාත කාම්බෝජ වැසියෝ සහභාගි වූහ.
සර්වඥ ධාතු අඩංගු රත්තරන් මංජුසාව එම සිද්ධස්ථානයෙන් සොරා ගැනීමත් සමග කාම්බෝජ වැසියෝ රට පුරා උද්ඝෝෂණය කළහ.

No comments:

Post a Comment