පින්නවල අලි අනාථාගාරය අද (16) සිය 39 වන සංවත්සරය සමරනු ලැබුවා.1975 වසරේ පෙබරවාරි 16 වන දින ආරම්භ වූ මෙම අලි අනාථාගාරය තුළ බිහි වූ අලි පැටවුන් ගණන 50ක් පමන වේ.
අද වන විට මෙහි අලින් 70කට පමණ රැකවරණය සැලසෙනවා.
මෙරටට පැමිණෙන සංචාරකයින්ගෙන් සියයට 80කට වැඩි ප‍්‍රමාණයක් පින්නවල අලි අනාථාගාරයට පැමිණෙන බවයි සමීක්ෂණයකින් හෙළි වී ඇත්තේ.
අද උපන් දිනය සැමරූ පින්නවල අලි අනාථාගාරයේ සමස්ත කාර්ය මණ්ඩලය 150කට වැඩි සංඛ්‍යාවක් සිටින අතර ඒ සදහා ඉදිකළ නව නේවාසිකාගාරය ද අද සබරගමුව ප‍්‍රධාන අමාත්‍ය මහීපාල හේරත්ගේ ප‍්‍රධානත්වයෙන් විවෘත වුණා.
No comments:
Post a Comment