Sunday, February 9, 2014

ගව ඝාතකාගාරයක් වටලයි-එළ ගවයින් 19දෙනෙකු මරා මස්කර

අනුරාධපුර, කෝලිබැන්දෑව ප්‍රදේශයේ නීති විරෝධි ලෙස පවත්වාගෙන ගිය ගව ඝාතකාගාරයක් වටලා පුද්ගලයින් 5 දෙනෙකු අත්අඩංගුවට  ගෙන තිබේ.

මෙලෙස මොවුන් අත්අඩංගුවට ගනුලැබුවේ අනුරාධපුර, කෝලිබැන්දෑව ප්‍රදේශයේය.

  මෙම වැටලීම පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් සිදු කරන ලදී.

එළ ගවයින් 19දෙනෙකු සොයා ගත්අතර, සොයා ගන්නා අවස්තාවේදී ඔවුන් මස් පිණිස ඝාතනය කර තිබිණි.

රඹෑව ප්‍රාදේශිය සභා බල ප්‍රදේශය තුළ ගව ඝාතකාගාර සඳහා මේ වසරේ අවසර ලබා දී නොමැති අතර මෙය අනවසරයෙන් පවත්වාගෙන ගොස් ඇති බව වාර්තා වේ.

කෙසේ වෙතත් ප්‍රදේශයේ දේශපාලනඥයින්ගේ සහයෝගය ලැබීම හේතුවෙන් මෙම ගව ඝාතකාගාරය දීර්ඝ කාලයක සිට පවත්වාගෙන ගොස් ඇති බව ද සඳහන් වේ.

No comments:

Post a Comment