Sunday, February 9, 2014

විශ්වයේ ජීව සාධක රැසක් සොයා ගැනේ-තඹුත්තේගමට වැටුණු උල්කා

අනුරාධපුර තඹුත්තේගම ඉකිරිවැව වෙල්යායට ගිය වර්ෂයේ 2013 දෙසැම්බර් 08 දා

එහි තොරතුරු ලොව ප‍්‍රකට තාරකා ජීවී විද්‍යා සඟරාවක් වන අ‍ෙමරිකාවෙ හි joumal of comology සඟරාවෙහි පෙබරවාරී කලාපය තුළ පලවී ඇති බව හෙතෙම සඳහන් කළේය.

මෙහි මූලික පරීක්‍ෂණ වෛද්‍ය පරීක්‍ෂණ තාක්ෂණ විද්‍යාඥ කීර්ති වික‍්‍රමරත්න මහතා විසින් සිදුකළ අතර උල්කා කොටස් තුළ අභ්‍යන්තර ව්‍යූහයන් පිළිබඳ ඉලෙක්ට්‍රෝන අන්වීක්‍ෂ පරීක්ෂණ ශ‍්‍රී ලංකා නැනෝ තාක්‍ෂණ ආයතනයේ විද්‍යාඥ ඒ. ඩී. එමි. දමයන්ති මහත්මිය විසින් සිදුකළාය.

එහිදී කරුණු රැසක් ලොවට හෙලිදරවි වූ බව joumal of comology සඟරාවෙ හි දැක්වේ.

උල්කා කොටස් තුළ අභ්‍යන්තර ව්‍යූහයන් හි මතුපිට ස්වභාවය පෙනෙන ආකාරයෙන් අධිතාක්‍ෂණික ක‍්‍රම භාවිතයෙන් පරමාණූ අංශු හි දත්ත ලබා ගැනීමට විද්‍යාඥයින් සමත්වී ඇත.

ඉහත ඡායා රූප මගින් ප‍්‍රාග් කේන්ද්‍රීය යුගයෙහි මීට වසර මිලියන 1400 ත් 3200 ත් අතර කාල යුගය පොසිල වල සිටි විශේෂීත ක්ෂුද්‍ර ජීවීන් Acritarchs මෙම උල්කා කැබලි හි සිටි බව වෛද්‍ය පරීක්‍ෂණ තාක්ෂණ විද්‍යාඥ කීර්ති වික‍්‍රමරත්න මහතා පැවැසීය.

මෙම උල්කා කැබලි තුළ හඳුනානොගත් මූලද්‍රව්‍ය ද තිබීමද විශ්මය ජනක කාර්ණයක් බව ඔහු කීවේය.

2013 ජූලි මාසයේදී එංගලන්ත මහාචාර්යය මිල්ටන් වේන් රයිට් විසින් පරීක්‍ෂා කළ පොළොවේ සිට අඩි 30,000ක් 41 000 ක් උඩට යැවූ බැලූනයක් මගින් අභ්‍යවකාශයේ සිට වැටෙන උල්කා වල දූවිලි අංශු වල පරමාණූ අංශු හි ඡායා රූප වලට අනුරාධපුර තඹුත්තේගම ඉකිරිවැව වෙල්යායට ගිය වර්ෂයේ 2013 දෙසැම්බර් 08 දා වැටුණු උල්කා කැබලි හි පරමාණූ අංශු හි ඡායාරූප එක සමාන බව ඇමරිකාවෙහි joumal of comology සඟරාවෙහි ද පලවී තිබේ.

1969 ඔස්ට්‍රේලියාවෙ හි මෙල්බන් මර්චිසන් නගරයට වැටුණු උල්කා කොටස් හි පරමාණූ අංශු හි ඡායා රූප ද මීට සමාන වීම අදහාගත නොහැකිය

2013 දෙසැමිබර් මස පෘතුවියට වැටුණු ටොරිඩි නමි උල්කා වර්ෂාවෙහි කැබලි තඹුත්තේගම, ඉකිරිවැව වෙල්යායට වැටී අති බවත් ශී‍්‍ර ලංකාව සමකයට ආසන්න රටක් වීම හේතුවෙන් මෙලෙස ග‍්‍රහ වස්තු කොටස් කඩා වැටීම මගින් ලොව පුරා විද්‍යාඥයින් ශී‍්‍ර ලංකාවට ඇලූමිකරණ බව මහාචාර්ය චන්ද්‍රා වික‍්‍රම සිංහ මහතා පැවැසීය.

මහාචාර්ය චන්ද්‍රා වික‍්‍රමසිංහ මහතා හා වෛද්‍ය පරීක්‍ෂණ තාක්ෂණ විද්‍යාඥ කීර්ති වික‍්‍රමරත්න මහතා ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා හමුවූ අවස්ථාවේදී ශ‍්‍රී ලංකාව වීශ්වීය ජීවිය පිළිබඳ ලොව සුවිශේෂි රටක් බවත් ලංකාව තුළ තාරකා ජීව විද්‍යාව පිළිබද පරීක්‍ෂණ කටයුතු සිදුකිරීමට අවශ්‍ය පහසුකමි ලබාදීමට කඩිනමින් ක‍්‍රියා කිරීමට එකඟ වූ බවත් පැවැසීය.

ජනාධිපතිවරයා මේ පිළිබඳ දැඩි කැමැත්තක් දැක්වීම අගය කළයුතු බව මහාචාර්ය චන්ද්‍රා වික‍්‍රමසිංහ මහතා එහිදී කිවේය.



වැටුණු උල්කා කැබලි හි විශ්වීය ජීව සාධක රැසක් මේවන විට සොයාගෙන ඇති බව බකින්හැමි විශ්ව විද්‍යාලයේ තාරකා ජීව විද්‍යා අධ්‍යන අංශයේ අධ්‍යක්‍ෂ මහාචාර්ය චන්ද්‍රා වික‍්‍රමසිංහ මහතා පවසයි.
-derna

No comments:

Post a Comment