කුඩ නනයකින් කුඩා හෙල්ලක් සාදාගෙන සෙල්ලම් කරමින් සිටි අට හැවිරිදි සහෝදරයාගේ ක්‍රියාවක් නිසා කුඩ නනය හිස පසාරු කරගෙන යාම නිසා අසාධ්‍යව අවුරුදු 2 1/2 ක් වයසැති කුඩා දැරියක අනුරාධපුර ශික්‌ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ඇත.
අනුරාධපුර තුරුවිල ප්‍රදේශයේ පදිංචි ඇයගේ මොළයට රුධිරය ගැලීම හේතුවෙන් ඉතා අසාධ්‍යව ප්‍රතිකාර ලබන බව රෝහල් ආරංචි මාර්ග පැවැසීය.
ඉකුත් 04 වැනිදා දිවා කාලයේ නිවසේ සාලයට වී සෙල්ලම් කරමින් සිටියදී මෙම අනතුරට මුහුණ පා ඇතැයි පැවැසේ.

No comments:
Post a Comment