Latest Sri Lankan News, Sports News,circuit project,new tech ,pneumatic,power electrical, control ,electronic,photos,පින්තුර,උනුසුම් පුවත්,නව තාක්ෂණික.
Tuesday, February 11, 2014
අකර්මන්‍ය සේවකයින් ස.තො.සෙන් ඵලියට....
ඒ අනුව ස.තො.ස අලෙවි සැල් පරීක්ෂා කිරිමෙන් අනතුරුව අලෙවිසැල් 27ක කළමනාකරුවන්ට අවවාදාත්මක ලිපි යවා ඇති අතර එයට නිසි ප්‍රතිචාර නොදක්වන කළමනාකරුවන් වහාම සේවයෙන් ඉවත් කිරිමට පියවර ගන්නා බව ලංකා ස.තො.ස සභාපති නලීන් ප්‍රනාන්දු මහතා පවසයි.
මේ අතර ස.තො.ස වෙළඳ සැල් පරීක්ෂා කිරිම සඳහා දස දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ද පත් කර ඇත.
ඒ අනුව ඔවුන් අහඹු ලෙස ස.තො.ස අලෙවි සැල් පරික්ෂා කිරිමේ කටයුතු දීපව්‍යාප්තව හා අඛණ්ඩව සිදුකරන බව ස.තො.ස සභාපති නලීන් ප්‍රනාන්දු මහතා සඳහන් කරයි.
මේ අතර අලෙවි සැල් වල පවිත්‍රතාව රැක ගැනීම, කාර්යක්ෂමතාව පවත්වාගෙන යාම, කාර්ය මණ්ඩලය නිසි පරිදි හැසිරවීම, පාරිභෝගිකයින් සමග සුහදව කටයුතු කිරිම සහ ප්‍රමිතියෙන් යුතු භාණ්ඩ අලෙවි කිරිම පිළිබඳව කළමනාකරුවන්ට පුහුණුවක් ද ලබාදීමට නියමිත බව ලංකා ස.තො.ස සභාපතිවරයා පවසයි.
Subscribe to:
Post Comments (Atom)

No comments:
Post a Comment