Thursday, February 13, 2014

20-20 ලංකාව ජය ගනී...

බංග්ලාදේශයට එරෙහිව පැවැත්වෙන පන්දුවාර 20 යි 20 පළමු තරඟයෙන් ශ්‍රී ලංකාව ලකුණු 2ක තියුණු ජයග්‍රහණයක් ලබා ගැනීමට සමත්වී තිබේ.

අද තරඟයේ කාසියේ වාසියේ ආරාධනයෙන් පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 168ක් ලබා ගැනීමට සමත් විය.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ආරම්භක පිතිකරුවන් ලෙස පිටියට පිවිසි කුසල් ජනිත් පෙරේරා ලකුණු 64ක් ලබාගත්තේ වේගවත් ඉනිමක් ක්‍රීඩා කරමිනි.

කුසල් පන්දු 44දී 4 පහර 7ක් හා එක් 6 පහරක් සමඟින් එම ලකුණු සංඛ්‍යාව ලබා ගත්තේය.

එසේ වුවද තිලකරත්න ඩිල්ෂාන් ලකුණු නොලබාම පිටියෙන් ඉවත් විය.

දිනේෂ් චන්දිමාල් ලකුණු 18ට දැවී ගිය අතර කුමාර් සංගක්කාරට ලබා ගත හැකි වුයේ ලකුණු 11 පමණකි.

කඩුලු 5ක් බිඳ වැටී තිබියදී පිටියට එක්වූ නුවන් කුලසේකර වේගවත් ලකුණු 31 ලබාගත් අතර තිසර පෙරේරා නොදැවී ලකුණු 19ක් ලබා ගනිමින් ශ්‍රී ලංකා ලකුණු පුවරුව ලකුණු 168 දක්වා ඉහළට ගෙනයාමට සමත් විය.

කෙසේ වෙතත් අනතුරුව පිටියට පිවිසි බංග්ලාදේශ කණ්ඩායමට නියමිත පන්දුවාර 20 තුළ ලබාගත හැකිවූයේ කඩුලු 7 ට ලකුණු 166 ක් පමණි.

ඒ අනුව තරඟයේ ජයග්‍රහණය ශ්‍රී
ලංකා කණ්ඩායමට හිමිවිය.

No comments:

Post a Comment