Thursday, February 13, 2014

ජිනීවා යාමට අදහසක් නෑ..

එළඹෙන මාර්තු මාසයේ ජිනීවා නුවර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩල සැසිවාරයට සහභාගිවීමේ

අදහසක් නොමැති බව උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී විග්නේෂ්වරන් මහතා පවසයි.

මානව හිමිකම් සැසිවාරයට සහභාගිවීමේ කිසිදු අවශ්‍යතාවක් නොමැති අතර, උතුරු පළාතේ පරිපාලනය කටයුතු තමාට ඊට වඩා වැදගත් බව ඔහු පෙන්වා දෙයි.

උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය නිල නිවසේ දී ශ්‍රී ලංකාවේ නොර්වේ තානාපතිවරයා හමුවීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැඟූ පැනයකට පිළිතුරු ලබා දෙමින් සී.වී විග්නේෂ්වරන් මහතා මෙම අදහස් පළ කළේය.

කෙසේ වෙතත් උතුරු පළාත් සභාවේ මන්තත්‍රීවරියක වන ආනන්දි ශෂිධරන් මහත්මිය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සැසිවාරයට සහභාගි වීමට සුදානමින් සිටින බව ඔහු කියා සිටියාය.

කාන්තා ගැටලු සම්බන්ධයෙන් සාකච්ජා කිරීම සඳහා ඇයට ඒ සදහා අවස්ථාව ලබා දී ඇති බව උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයා එහිදී පෙන්වා දුන්නේය.

නමුත් පසුගිය දා ආනන්දි ශෂිදරන් මහත්මිය කියා සිටියේ තමා ජිනීවා මානව හිමිකම් සමුළුව සඳහා සහභාගිවීමට අදහස් නොකරන බවයි.

No comments:

Post a Comment