දකුණු පළාත් සභාවෙන් මෙවර මැතිවරණයට තරඟ වදින එක්සත් ජනතා නිදහස් සන්ධාන
අපේක්ෂකයන් දෙදෙනෙකු අද (09) පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.ගාල්ල දිස්ත‍්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධාන පළාත් සභා අපේක්ෂක අජිත් ප‍්‍රසන්න අද පස්වරුවේ කොළඹ පෞද්ගලික රෝහලකදී අත්අඩංගුවට ගැනුණේ චෝදනා 4කට වැරදිකරු කරමින්. නීති විරෝධී ලෙස මැතිවරණ පෙළපාලියක් මෙහෙයවීම, නීති විරෝධී රැුස්වීමක සාමාජිකයෙකු වීම, පොලිස් නිලධාරියෙකුට පහර දී බලහත්කාර දැක්වීම සහ යුධ හමුදා නිළ ඇදුම් ලාංජන අවසරයකින් තොරව ඇදීම හෝ පැළදීම ඔහුට එරෙහිව එල්ල වී ඇති චෝදනා වනවා.
මේ අතර, හම්බන්තොට දිස්ත‍්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධාන පළාත් සභා අපේක්ෂක ඞී.වී. උපුල් ඇතුළු තවත් පුද්ගලයෙකු මිද්දෙනිය පොලීසිය අද දහවල් අත්අඩංගුවට ගත්තා. පොලීසිය සඳහන් කළේ පසුගිය 6 වන දා සිදුවූ පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකකරුවන් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි. පසුව ඔවුන් වලස්මුල්ල මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂ දෙක බැගින් වූ ශරීර ඇප මත මුදා හැර තිබෙනවා.
කෙසේ වෙතත්, පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ කොළඹ අද (09) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් සඳහන් කළේ මැතිවරණ නීති කඩ කරමින් පොලිස් රාජකාරියට බාධා එල්ල කරන පුද්ගලයන්ට
තරාතිරම නොබලා නීතිමය පියවර ගන්නා බවයි.
No comments:
Post a Comment