රන් බිස්කට් දෙකක් ගුද මාර්ගයේ සඟවා ගෙන විදෙස් ගතවීමට උත්සහ කළ කාන්තාවක
කටුනායක ගුවන්තොටුපල රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඉන්දියාවේ චෙන්නායි නුවර බලා යාමට සූදානමින් සිටියදී අදාළ කාන්තාව අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක ලෙස්ලි ගාමිණී මහතා සඳහන් කළේය.
සැකකාරිය පරීක්ෂා කිරීමේ දී
ඒවායේ වටිනාකම රුපියල් ලක්ෂ 30කට ආසන්න බව ලෙස්ලි ගාමිණී මහතා පැවසුවේය.
46 හැවිරිදි ගොතටුව ප්‍රදේශයේ පදිංචි කාන්තාවක මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් ගුවන්තොටුපල රේගුව වැඩිදුර විමර්ශන සිදුකරයි.
ගුද මාර්ගයේ සඟවා සිටි රන් බිස්කට් දෙකක් සොයාගෙන ඇති අතර එහි බර ග්රෑම් 596ක් වන බව සඳහන්ය.
No comments:
Post a Comment