Thursday, February 6, 2014

ශ්‍රි පාද රක්ෂිතයේ ගින්න නිවීමට බෙල් 412 යොදවයි

ශ්‍රි පාද රක්ෂිතයේ නල්ලතන්නි ප්‍රදේශය ආශ්‍රිතව හටගෙන ඇති ගින්න මැඩ පැවැත්විම සඳහා බෙල් 412 වර්ගයේ හෙලිකොප්ටර් යානයක් පිටත් කර ඇති බව ගුවන් හමුදාව පවසයි.

ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක එයාර් කොමදෝරු ඇන්ඩි විජේසූරිය මහතා පැවසුවේ රත්මලාන ගුවන් තොටුපළෙන් එම හෙලිකොප්ටර් යානය නල්ලතන්නිය බලා පිටත් කර යැවූ බවයි.

අද(06) දහවල් ගින්න හටගෙන ඇති අතර සීඝ්‍රයෙන් පැතිර යාම හේතුවෙන් එය මැඩපැවැත්වීම සඳහා ගුවන් හමුදාවෙන් නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් ඩි.පි.ජි කුමාරසිරි මහතා සහය ඉල්ලා තිබේ.

No comments:

Post a Comment