Tuesday, February 11, 2014

ටිපර්-වෑන් ගැටුමෙන් 5‍ක්මරුට,‍දෙදෙනෙක් කුඩාළමුන්..


මාන්කුළම් සහ කොකාවිල් අතර පිහිටි කිරිවන්කුළම් ප්‍රදේශයේ දී මෙම අනතුර සිදු වී තිබේ.සුජීකරන් පදුමන් (05) සුජීකරන් ජස්මිතා (07) සින්නතම්බි පරමේශ්වරි (75) සිවනේසන් සින්නතුරේ (43) සෝදිලිංගම් මදිලන් (35) යන පස් දෙනා එම ස්ථානයේ දීම මියගොස් ඇත
අද (11) පාන්දර 2.30 ට පමණ සිදු වූ බිහිසුණු රිය අනතුරින් මියගිය පස් දෙනා අතර කුඩා දරුවන් දෙදෙනෙකුද සිටින බව වාර්තා වේ.සුජිකරන් චමිලා (30) සිවනේෂන් සින්දූරි (12) සිනේෂන් කවීදා (03) ජෙයකුමාර් දයානිදි (53) සිවනේෂන් ෂර්මිලා (39) යන අය තුවාල ලබා කිලිනොච්චිය රෝහලට ඇතුලත් කර තිබේ. මින් එක් අයකු බරපතල තත්ත්වයේ පසු වූයෙන් යාපනය මහ රෝහල වෙත මාරු කර යවා ඇත. මාර්ගය අයිනේ නවතා තිබූ මැට්ල්ගල් පැටවූ ටිපර් රියක් පිටුපස

වෑන් රථයේ ගැටීමෙන් මෙම බිහිසුණු රිය අනතුර සිදු වීඇති බව මාන්කුළම් පොලිසිය පවසයි. මියගිය හා තුවාල ලැබූ සියලුම දෙනා එකම පවුලකට අයත් සමාජිකයන් වන අතර ඔවුන් යාපනය, කොන්ඩාවිල් හී පළනිආන්දල් වීදියේ පදිංචිකරුවෝ වෙති.

No comments:

Post a Comment