නරක් වු හාල්මැස්සන් කිලෝග්‍රෑම් 20,000ට වැඩි ප්‍රමාණයක් කොළඹ ප්‍රදේශයේ දී සොයාගෙන තිබේ.
පිටකොටුව, 02 වන හරස් වීදියේ ගබඩාවක තිබී මෙම හාල්මැස්සන් තොගය
සොයාගත් බව පාරිභෝගික අධිකාරිය සඳහන් කළ අතර ඵහි වටිනාකම රුපියල් ලක්ෂ 50කට අධික බව ගනන් බලා තිබේ .
ඩුබායි හි සිට මාස කිහිපයකට පෙර මෙරටට ආනනයකර ඇති අතර කල් ඉකුත් වීමෙන් පසුව ඒවා නැවත පවිත්‍රකර වෙළදපොළට නිකුත් කිරීමට සුදානම් කර තිබු බව ද සඳහන්ය.
පාරිභෝගික සේවා අධිකාරියේ විශේෂ වැටලීම් ඒකක ප්‍රධානී ඒ.ඒ.ජෆුර් මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් මෙම වැටලීම සිදුකර ඇත.
No comments:
Post a Comment